පසුගිය කාලසීමාවේදී මෙරට පැවති දැඩි ආර්ථික සහ සමාජීය අර්බුදකාරී වාතාවරණයට සාධනීය විසඳුම් ලබාදීමට සමත්වූවා පමණක් නොව, ආසියාවේ මෙන්ම ලෝක මට්ටමේ ප්රමුඛ සන්නාමගත කිරීමක් දක්වා සියලු දර්ශකයන්ගෙන් රට ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය දෙවසරක කාලය තුළ අයවැය ලේඛන මඟින් රට වෙනුවෙන් සිදුකළ කාර්යභාරය කුමක්දැයි විපක්ෂය නගන ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, බිඳවැටී තිබූ ආර්ථිකය යථා තත්ත්වයට පත්කරමින් රට ස්ථාවර මාවතකට යොමු කිරීමට හැකිව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා,
"පසුගිය අවුරුදු දෙක ඇතුළත අයවැයෙන් මොනවද කළේ කියලා අහන විපක්ෂයට අපිට දෙන්න තියෙන උත්තරය තමයි, ලංකාවේ තිබුණු දරුණු අර්බුදකාරී තත්ත්වයට සාධනීය විසඳුමක් අරන් දුන්නා පමණක් නෙවෙයි; අද වනවිට ආසියාවෙන් ඉහළට ඇවිල්ලා, ලෝකයේ ප්රමුඛ සන්නාමගත කිරීමක් දක්වා අදාළ ආර්ථික හා සමාජීය දර්ශකවලින් අපේ රට ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එමින් තිබෙනවා."
Sri Lanka's Economic Progress Amidst Adversity, Minister Dinesh Hemantha Claims
In a recent statement, Minister Dinesh Hemantha of the National People's Power highlighted that Sri Lanka has not only managed to address the severe economic and social crises of the past but is also making strides toward becoming a prominent brand in Asia and beyond.
Speaking to the media, Hemantha emphasized the country's recovery efforts amidst ongoing political scrutiny. In response to the opposition's questions regarding the effectiveness of recent budget documents, he asserted that the government has successfully directed the nation towards a more stable path after overcoming the previously collapsed economy.
During his remarks, Hemantha stated, "The opposition wants to know what we have achieved in the last two years through the budget. The answer is not merely that we have provided viable solutions to the critical crises faced by Sri Lanka; we are progressively advancing in economic and social indicators, establishing our nation as a leading brand in Asia and the world."
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
