2026 අයවැයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලට ලබා දුන් ප්‍රතිපාදන වලින් වසර අවසාන වන විට 85%ක සංවර්ධන කටයුතු සිදු කරන අවසන් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටිවේ දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, යටිබේරිය, කළුගල සහ මස්කෙළිය පාර 05 කණුව ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ.,
“පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ කතා මම දැක්කා. එතුමාගේ කථා ඇතුලේ කියන්නේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයිද කියලාද දන්නේ නැ. එහෙම එකක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නම් නැ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය සේවකයෝ එකතු වෙලා මේ වෙන කොට 70%කට වඩා කාර්යක්ෂමතාවයක්, 2026 අයවැයෙන් වෙන් කරපු මුදල් ප්‍රතිපාදන වලට අදාළ වැඩ කටයුතු නිමා කරමින් ඉන්නවා. එතකොට මේ අවුරුද්ද ඉවර වෙන්න මාස එක හමාරක් තියනවා, ඒ වෙකොට 85%කට වඩා භෞතික ප්‍රගතියක් අත්පත් කර ගනියි කියලා විශ්වාසය අපට තියනවා.
චාමර සම්පත් මන්ත්‍රීකමෙන් ඉවත් වෙනවා කියලා කථාවක් කිව්වා. එතුමාට රටේම අවසානය බලනකොට ඉල්ලා අස් වෙන්න වෙයි කොහොමත් ඉල්ලා අස් වෙන්න දේකුත් නැ, එතුමට ඉදිරි කාලයේ ගත කරන්න වෙන්නේ බන්ධනාගාරයේ, එතුමා කරලා තියන අපරාධවල හැටියට. ඒවා එච්චර ගනන් ගත යුතු නැ.
දිට්වා විනාශය සිදු වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියනවා. මේ අවුරුද්දක කාල සීමාව ඇතුලේ ආණ්ඩුව විසින් විශේෂයෙන්ම මේ නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදු වෙලා තියන අලාභය නැවත ගොඩ නැගීම සදහා ඒක නැවත ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු වෙනුවෙන් වැඩ ආරම්භ කරලා තියනවා. එතකොට අපි දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් රු.බිලියන 65කට වඩා ආසන්න වශයෙන් විනාශයක් වෙලා තියනවා. රු.බිලියන 65කට ආසන්න මුදල් ප්‍රමාණයක් ඇස්තමේන්තු ගත කරලා තියනවා ඒ විනාශයට. එතකොට ඒකට අදාළව පළවෙනි වටයේම ස්ථාන 108ක් හදුනාගෙන, ඒ ස්ථාන 108 නැවත ගොඩනැගීමේ කාර්ය මේ වනකොට ආරම්භ කරලා තියනවා.
දවස ඇතුලත අපි පිටවල, කළුගල, යටබේරිය ආශ්‍රිතව තියන නාය ගිය ස්ථානයට අදාල කටයුතු වලට අදාළ රු.මිලියන 265කට ආසන්න මුදල් ප්‍රමාණයක් යොදලා ඒ සංවර්ධන කටයුත්ත ආරම්භ කරනවා.
ඒ නිසා අපිට නුවරඑලිය දිස්ත්‍රික්කයේ විශාල විනාශය නැවත ගොඩනැගීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු සියලු කණ්ඩායම් එකතු වෙලා දැවැත්න සංවර්ධන මෙහෙයුමකට අත තියලා තියනවා. ඒක තමයි ආරම්භ කරලා තියෙන්නේ.
පළවෙනි වැදගත්ම දෙය තමයි කාලයක් තිස්සේ මේ මධ්‍යම කදුකරයට හොද රැකවරණයක් සහිත වැඩපිළිවෙළක් තිබුණේ නැ. ඒ නිසා අයවැයෙන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම මධ්‍යම කදුකර ආරක්ෂණ අධිකාරි පනත කියන එක අයවැය හරහා ඉදිරිපත් කරලා තියනවා. අනන් ඒක හරහා තමයි නුවරඑළිය මධ්‍යම කදුකරයේ සංවර්ධන ව්‍යාපෘති විද්‍යාත්මක ක්‍රමයකට පෙළගස්වලා සංවර්ධනය කරන්න තියෙන්නේ.
මධ්‍යම කදුකරය කියන්නේ රටේ පැවැත්ම, රටේ හදවත. මධ්‍යම කදුකරයේ විනාශය කියන්නේ අනාගත ශ්‍රී ලංකාවේ මරණය. ඒ නිසා අනාගත ශ්‍රී ලංකාවේ මරණයෙන් ගලවා ගැනීම සදහා ජාතික මෙහෙයුමකට අදාළ සැලැස්මකට අදාළව විද්‍යාත්මක වැඩපිලිවෙළක් අවශයයි. ඒක සකස් කරලා තියනවා. එතකොට මම හිතනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි, රටම ලබා ගත්ත ලොකුම ජයග්‍රහණය තමයි මේ ආරක්ෂණ අධිකාරි පනත පිහිටුවීම. අයවැයෙන් ලැබුණු ලොකුම වාසිය විධිමත් ක්‍රමවේදයන් යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න ආරම්භ කිරිමම තමයි ලොකුම ජයග්‍රහණය.
ඊට අමතරව පාරවල් කැඩිච්චට, බෝක්කු කැඩිච්චට, ගොඩනැගිලි හදන්න, රොහල් පද්ධතිය හදන්නත, පාසල් පද්ධතිය හදන්න අදාළ විශාල මුදල් ප්‍රමාණයක් දිලා තියනවා. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් 2027 අයවැය හරහා නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබිලා තියෙන දැවැන්ත මුදල් ප්‍රමාණය පිළිබදව.
2026 වතු වැඩ කරන ජනතාවට රු.මිලියන 5000ක මුදල් වෙන් කරලා දෛනික වැටුපට රු.200 ගානේ එකතු කලා. 2027 අයවැයෙනුත් ඒ හා සමාන මුදලක් වෙන් කරලා තියනවා යනුවෙන් පැවසීය.”
මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු මහේන්ද්‍ර විජේපාල මහතා ඇතුලු මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් රැසක් සහභාගි වී සිටියහ.
- රංජිත් රාජපක්ෂ
Development Efforts in Nuwara Eliya District to Reach 85% Completion by Year-End
By the end of the current fiscal year, 85% of the development projects funded in the 2026 budget for the Nuwara Eliya District are expected to be completed, as revealed by the chairman of the district development committee and Member of Parliament, Manjula Surawiraarachchi.
During a media briefing following the initiation of restoration efforts for areas affected by the heavy flooding and destruction caused by the recent Ditwella cyclone, Surawiraarachchi emphasized the commitment to reviving infrastructure along major routes including Ginigitahena, Yatiberiya, Kalugala, and Maskeliya Road.
The MP expressed confidence in the capabilities of public servants in the district, stating, “Chamara Sampath, a fellow parliamentarian, recently commented on the inefficiencies within the public service. However, within the Nuwara Eliya District, we have seen over 70% effectiveness among our public workers, who are diligently working to execute projects funded in the 2026 budget. With just about a month and a half remaining in the year, we are optimistic of achieving over 85% physical progress.”
Addressing speculation regarding Chamara Sampath potentially stepping down, Surawiraarachchi remarked, "His future may find him facing due consequences for actions that have brought him trouble, and I believe he should not need to seek an opportunity for resignation."
It has been nearly a year since the disaster in Ditwella, and the government has embarked on a significant recovery initiative to remedy the damages suffered in the Nuwara Eliya District, estimated to exceed Rs. 65 billion. The identification of 108 critical sites for reconstruction has already commenced.
A budget allocation of approximately Rs. 265 million is aimed at initiating development activities specific to regions affected around Pilawala, Kalugala, and Yatiberiya.
Collaboration among various entities, including the Road Development Authority, is focused on revitalizing the extensive damage witnessed in the district as part of a substantial developmental effort.
Surawiraarachchi highlighted the urgent need for a structured plan to protect the Central Highland region, which has been historically neglected. This fiscal year, President has introduced legislation under the Central Highland Conservation Authority to facilitate scientifically guided development initiatives in Nuwara Eliya.
The region's future hinges on the stability of the Central Highlands, and a national campaign aimed at rescuing its integrity has been designed and is now underway. The establishment of the Conservation Authority is deemed a significant achievement for both the district and the nation, marking a pivotal step in systematic development.
Additionally, substantial financial resources have been allocated for infrastructure repairs and the establishment of hospital and school systems. Surawiraarachchi referred to the upcoming budget for 2027, which includes a notable allocation for the district.
Furthermore, Rs. 5 billion has been designated for daily wages of plantation workers in 2026, with a similar amount expected for the 2027 budget.”
The event marking the start of these development activities was attended by numerous officials from the Central Provincial Road Development Authority, including Executive Engineer Mahendra Wijepala.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මොනවද ඛන් උඛලා කරලා තියන සංවර්ධනේ කොලඛවත් කානුවත් සුද්ද කරලා නැ වෙලාවට.වැහි කාලෙට කොලඛත් යට වෙනවා.
ReplyDelete