ඔලිම්පික් උළෙලකදී රන් පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 100ක ත්‍යාග මුදලක් ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය පිළිබඳව විපක්ෂය විසින් සමාජගත කරමින් සිටින්නේ සාවද්‍ය කරුණු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කරයි.
උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ඉදිරි අයවැය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් නොමැතිව විපක්ෂය ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.
2027 වසරේදී ඔලිම්පික් තරගාවලියක් නොපැවැත්වෙන බව සියලු දෙනා දන්නා ප්‍රසිද්ධ කරුණක් වුවද, රජය විසින් සම්පාදනය කරනු ලබන්නේ ක්‍රීඩකයන් දිරිගැන්වීමේ දීර්ඝකාලීන රාජ්‍ය ප්‍රතිපත්තියක් බව හෙතෙම අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, අයවැයක් මඟින් තීරණය කරන මූල්‍ය ප්‍රතිපත්තියක් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, විපක්ෂය සිතන ආකාරයට එය එක් වසරකට පමණක් සීමා වූ තාවකාලික යෝජනාවක් නොවන බවයි.
ඉදිරි පාලන සමයකදී එම ප්‍රතිපත්ති අවුල් සහගත ලෙස වෙනස් නොකරන්නේ නම්, ක්‍රීඩකයන්ට ලැබෙන මෙම දිරිගැන්වීම දිගුකාලීනව සුරක්ෂිත වන බවත්, නියමිත පරිදි ඔලිම්පික් උළෙල පැවැත්වෙන වකවානුවේදී පදක්කම් ලාභීන්ට එම ත්‍යාග මුදල හිමිවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Opposition Claims Government's Olympic Reward Policy is Misleading, MP Najith Indika Responds
The National People's Power's Member of Parliament, Najith Indika, has criticized the opposition for spreading misleading information regarding the government's decision to award Rs. 100 million as incentive funds for Sri Lankan athletes who win gold medals at the Olympics.
Speaking at a recent event, Indika pointed out that the opposition seems to lack a clear understanding of the upcoming fiscal policies, suggesting that they are deliberately attempting to mislead the public.
He emphasized that despite widespread knowledge that there will be no Olympic games in 2027, the government is instituting a long-term public policy aimed at motivating athletes.
Further elaborating on the issue, the MP noted that the fiscal policies determined by the budget are expected to remain consistently effective, and they are not merely a temporary proposal confined to a single year, as the opposition has suggested.
Indika reassured that as long as these policies are not subject to abrupt changes in future administrations, the incentives offered to athletes will be secure over the long term. He also guaranteed that during the appropriate timeline for the Olympic games, medal winners will indeed receive these promised rewards.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අඩෝ පිස්සු කෙලින්ඩ එපා බං උඹලා
ReplyDeleteදැන් නම් මේ පාහර ජෙප්පන් අපේ ඉවසීම අසීමාන්තිකව අවභාවිත කරනවා 🤮😡 මුන්ට අසූචි ගහලා එලවන්න කාලය හරි 🤮🤮🤮😡
ReplyDelete