ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ ණය ශේෂය බිලියන 215 පනී.. මුල් මාස 09ට බිලියන 25ක වැඩිවීමක්...


 ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය තුළ භාවිත වන සක්‍රීය ණයපත් සඳහා පියවීමට ඇති මුළු හිඟ මුදල පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් බිලියන 215.04ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආසන්නතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 213.42ක්ව පැවති මෙම හිඟ ණය ප්‍රමාණය එක් මසක් තුළ රුපියල් බිලියන 1.65කින් වර්ධනය වී තිබේ.

2025 දෙසැම්බර් මස අවසානයේදී රුපියල් බිලියන 186.70ක් ලෙස වාර්තා වූ ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ ශේෂය හා සැසඳීමේදී, මෙම වසරේ මුල් මාස නවය තුළ පමණක් එම හිඟ මුදල රුපියල් බිලියන 25.34කින් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

වාර්තාව පෙන්වා දෙන පරිදි, සැප්තැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ ක්‍රියාත්මක වූ සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,319,794ක් (විසිතුන් ලක්ෂ දහනව දහස් හත්සිය අනූහතරක්) දක්වා ඉහළ ගොස් තිබිණි. එම කාඩ්පත් අතුරින් 2,310,968ක්ම ජාත්‍යන්තරව භාවිත කළ හැකි කාඩ්පත් වන අතර, දේශීයව පමණක් පිළිගන්නා කාඩ්පත් සංඛ්‍යාව සටහන් වූයේ 8,826ක් වශයෙනි.

තවද, මෙරට මූල්‍ය පද්ධතිය තුළ ණයපත් භාවිතයේ පවතින ඉහළ නැඹුරුව තහවුරු කරමින්, පසුගිය වසරේ දෙසැම්බර් අග සිට මෙම වසරේ සැප්තැම්බර් දක්වා වූ මුල් මාස නවය තුළ අලුතින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 153,608කි.





Credit Card Debt in Sri Lanka Surges to Over Rs. 215 Billion

The total outstanding credit card debt within Sri Lanka's commercial banking sector reached a staggering Rs. 215.04 billion by the end of September, according to the Central Bank of Sri Lanka.

An economic indicators report released by the Central Bank revealed that this figure rose from Rs. 213.42 billion in August, marking an increase of Rs. 1.65 billion within just one month.

In comparison, the debt balance recorded at the end of December 2025 was reported at Rs. 186.70 billion. It is noteworthy that during the first nine months of this year alone, the outstanding amount surged by Rs. 25.34 billion.

The report indicated that the total number of active credit cards in circulation on the island increased to 2,319,794 (2.31 million), with 2,310,968 of these cards being internationally usable. Only 8,826 cards are limited to local acceptance.

Furthermore, affirming the significant presence of credit cards within the country's financial system, the number of newly issued credit cards from the end of December last year through September this year totaled 153,608.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post