සමස්ත සාගරය ආවරණය වන පරිදි මසුන් බහුලව ගැවසෙන කලාප සෘජුවම නිශ්චිතව හඳුනාගත හැකි කිසිදු තාක්ෂණයක් මේ වන විට ලෝකයේ නොපවතින බව සාගර සම්පත් විශ්ලේෂණ ආයතනයේ (INORA) විධායක අධ්යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක මහතා ප්‍රකාශ කරයි.
ධීවර කර්මාන්තයේ භාවිත වන 'ෆිෂ් ඇප්' (Fish App) ජංගම දුරකථන යෙදවුමේ තාක්ෂණික පසුබිම පැහැදිලි කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, චන්ද්‍රිකා දත්ත, සාගර දියවැල් රටා සහ යාත්‍රා නිරීක්ෂණ පද්ධති මඟින් සිදුකළ හැක්කේ මසුන් ගැවසීමට ඉඩ ඇති විභව කලාප පිළිබඳව අනාවැකි පළකිරීම පමණක් බවයි.
එමෙන්ම යාත්‍රාවල සවිකර ඇති මත්ස්‍ය සෙවුම් උපකරණ (fish finders) මඟින් පවා මසුන් හඳුනාගත හැක්කේ යාත්‍රාව අවට ඉතා සීමිත පරාසයක පමණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම තාක්ෂණික පද්ධතියේ පසුබිම පිළිබඳව කරුණු දක්වමින් රණවක මහතා සඳහන් කළේ, රුපියල් මිලියන 100ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයකින් 2020 වසරේදී මෙම 'ෆිෂ් ඇප්' යෙදවුම මුලින්ම නිර්මාණය කරන ලද්දේ කාලගුණ තොරතුරු ලබාදීම සහ හදිසි අවස්ථාවලදී යාත්‍රා පවතින ස්ථාන හඳුනාගැනීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් බවයි. අනතුරුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) මඟින් එක්රැස් කරන ලද මත්ස්‍ය ගහන දත්ත 2025 වසරේදී ඊට අලුතින් ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමේදී මෙම යෙදවුම භාවිත කිරීමේ ප්‍රායෝගික සීමාවන් පවතින බවද ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම, ධීවර යාත්‍රා වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 20 සිට 25 දක්වා ඔබ්බට ගමන් කිරීමේදී සාමාන්‍ය GSM දුරකථන සංඥා විසන්ධි වන බැවින්, ගැඹුරු මුහුදු සීමාවේදී යෙදවුම හරහා සන්නිවේදනය පවත්වා ගැනීම සීමාසහිත වන බව හෙතෙම පැහැදිලි කළේය.
මේ අතර, ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව ජාත්‍යන්තර ගැණුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ කරමින් සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ අරමුණින් 'බ්ලූ බිස් ලංකා' (Blue Biz Lanka) නමින් නව ඩිජිටල් මත්ස්‍ය වෙන්දේසි වේදිකාවක් (digital fish auction platform) නිර්මාණය කිරීමට සාගර සම්පත් විශ්ලේෂණ ආයතනය (INORA) මේ වන විට පියවර ගනිමින් සිටින බවද රණවක මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
No Reliable Technology to Identify Fish Abundance Across Ocean, Expert Assesses
In a significant revelation, Ayush Indranath Ranawaka, the Executive Director of the Institute of Ocean Resource Analysis (INORA), stated that no technology currently exists worldwide that can accurately identify fish abundance over vast oceanic areas. His comments highlight the limitations within the fisheries industry regarding fish stock assessments.
Explaining the background of the Fish App, a mobile application utilized in the fishing sector, Ranawaka pointed out that it primarily relies on lunar data, ocean current patterns, and vessel monitoring systems to forecast fish-rich zones. However, these tools only allow for predictive insights rather than precise identification of fish stocks.
Moreover, he noted that even fish-finding devices installed on vessels can only detect fish within a very limited range surrounding the boat. This further emphasizes the constraints faced by fishers in locating schools of fish effectively.
Discussing the origins of the Fish App, Ranawaka mentioned that it was developed in 2020 with an estimated expenditure of 100 million rupees. The initial purpose was to provide weather information and identify vessel locations during emergencies. Recently, data collected by the National Aquatic Resources Research and Development Agency (NARA) has been integrated into the app, with updates planned for 2025.
Despite its advancements, he stressed the practical limitations of using the app in deep-sea fishing. Specifically, he pointed out that communication via the app is heavily constrained due to the general disruption of GSM mobile signals when fishing vessels travel 20 to 25 nautical miles offshore, making it difficult to maintain connectivity in deeper waters.
In an effort to foster fair trade, Ranawaka announced that INORA is currently working on launching a new digital fish auction platform named "Blue Biz Lanka." This initiative aims to directly connect the Sri Lankan fishing community with international buyers, enhancing market access and trade opportunities for local fishermen.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
