අයවැය 2/3න් සම්මතයි...


 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක (2/3)  බහුතර ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්‍ෂව ඡන්ද 157ක් හා විපක්‍ෂව 60ක් ලැබුනේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 අයවැය යෝජනාවලියට අදාළ දෙවන වර කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා ආරම්භ වූ අතර, අද දින විවාදය නිමාවීමෙන් අනතුරුව පස්වරු ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්විණි.

දෙවන වර කියවීම මෙලෙස ඉහළ බහුතරයකින් සම්මත වීමත් සමඟ, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය හෙට (21) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය. 

මෙම විවාදය සෙනසුරාදා දින 4 ක් ද ඇතුළුව දින 19 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන අතර, විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වේ.

කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන හෙට දිනයේදී ජනාධිපති, අගමැති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන වියදම් ශීර්ෂ 25 ක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.





Parliament Passes 2027 Budget Proposal Amidst Intense Debate

In a significant development for Sri Lanka's fiscal future, the second reading of the 2027 budget proposal received overwhelming approval in Parliament this afternoon (20th). The budget was passed with a two-thirds majority, securing 157 votes in favor and 60 against during the voting session.

President Anura Kumara Dissanayake first presented this budget initiative to Parliament on November 12, with discussions commencing on the 13th. Following a comprehensive debate, members of Parliament cast their votes after concluding the discussions today.

The successful passage marks a critical step forward, setting the stage for further debate on the proposals outlined in the budget. Notably, discussions regarding the budget's key provisions, which are set to commence tomorrow (21st), will focus on 25 major expenditure categories, encompassing key offices including the Presidency, Prime Minister's office, Supreme Court judges, the Ministry of Finance, and various commissions.

These debates will unfold over a continuous 19-day schedule, culminating in the final vote for the third reading of the budget proposal, scheduled for December 14 at 6:00 PM.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post