එක්සත් ජනපදය විසින් එල්ල කළ හැකි ඕනෑම හමුදාමය ප්‍රහාරයකට මුහුණ දීම සඳහා කියුබාව පූර්ණ සූදානමින් පසුවන බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ප්‍රකාශ කළ බව 'ද රියෝ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
හවානා අගනුවර බෝයෙරොස් නගරයේ පැවති ආරක්ෂක සූදානම් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සහ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඇමෙරිකානු දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශ මඟින් කියුබාවට එරෙහි හමුදා ප්‍රහාරයක් දිරිගන්වන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, සාමකාමී කාලසීමාවක් තුළ වුවද රටේ යුද කාලීන ආරක්ෂක ව්‍යුහයන් සහ ආරක්ෂක බලකායන් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව අවධාරණය කළේය.
"කියුබාව කිසිදු රටකට පහර දෙන්නේවත්, තර්ජනය කරන්නේවත් නැහැ. නමුත් අපේ ස්වෛරීභාවයට එරෙහිව එල්ල වන ඕනෑම විදේශීය හමුදා ආක්‍රමණයක් අපි තරයේ ප්‍රතික්ෂේප කර පරාජය කරනවා," යැයි ජනාධිපති ඩියාස්-කැනෙල් පවසා ඇත.
දශක හයකට වැඩි කාලයක් තිස්සේ කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක වහාම අවසන් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි කියුබානු ජනාධිපතිවරයා, එම සම්බාධක කියුබානු ජනතාව සාමූහිකව දඬුවම් කිරීමක් සහ ‘ජන සංහාරක අවහිරතාවක්’ බවට ද දැඩි ලෙස චෝදනා කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වසර ගණනාවක් තිස්සේ මෙම අසාධාරණ සම්බාධකවලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ද ඔහු සිහිපත් කර තිබේ.
කලාපීය වාර්තාවලට අනුව, කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවට තොරතුරු පළ වුවද, කියුබානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වොෂින්ටනයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් පළ වී නොමැති බව 'ද රියෝ ටයිම්ස්' පුවත්පත පෙන්වා දෙයි.
Cuban President Asserts Readiness to Counter U.S. Military Threats
Cuban President Miguel Díaz-Canel has declared that the nation is fully prepared to face any possible military aggression from the United States. His remarks were reported by the *Rio Times* as he participated in a security preparedness program in the city of Boyeros, Havana, and shared his thoughts on social media.
Highlighting recent comments by American politicians and officials that suggest a potential military attack on Cuba, Díaz-Canel emphasized that the country is taking proactive measures to activate its wartime security structures and defense forces, even during peaceful times.
"Cuba does not attack or threaten any country. However, any foreign military aggression against our sovereignty will be met with strong rejection and defeat," the president asserted.
Urging the United States to immediately lift the economic sanctions imposed on Cuba for over six decades, Díaz-Canel accused these restrictions of collectively punishing the Cuban people and being tantamount to a ‘genocidal blockade.’ He reminded the international community of the longstanding resolutions passed by the United Nations General Assembly condemning these unjust sanctions.
While there have been reports that U.S. President Donald Trump has made statements concerning the potential for military action against Cuba, the *Rio Times* indicates that there has been no official response from Washington regarding President Díaz-Canel's recent declarations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
