ණය ගැනීම් සහ රන් උකස් කිරීම් 25% දක්වා ඉහළට..


 මෙරට පවුල් හා පුද්ගලික අංශයේ ණය ලබාගැනීම් පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම 'මූල්‍ය ස්ථායිතා විවරණය - 2026' වාර්තාව මඟින් අනාවරණය කර තිබේ.

ඉකුත් 2025 වසරේ දෙවන කාර්තුවේදී සියයට 14.8ක් ලෙස වාර්තා වූ මෙරට කුටුම්භ ණය ගැනීම් අනුපාතය, මේ වසරේ දෙවන කාර්තුව වන විට සියයට 25.4ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව වාර්ෂික පදනමින් කුටුම්භ අංශයේ ණය වර්ධනය සියයට 10.6ක සැලකිය යුතු වැඩිවීමක් සටහන් කර තිබේ.

මහ බැංකු වාර්තාවට අනුව, මේ වසරේ ලබාගෙන ඇති සමස්ත කුටුම්භ ණය ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් එනම් සියයට 62.5ක්ම ලබාගෙන ඇත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයෙනි. ඉතිරි සියයට 37.5ක ප්‍රමාණය බැංකු නොවන මූල්‍ය ආයතන මඟින් නිකුත් කර ඇත.

විශේෂත්වයක් වන්නේ මෙලෙස ලබාගෙන ඇති සමස්ත කුටුම්භ ණය ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 48.9ක්ම වාර්තා වී ඇත්තේ ආර්ථික හා වාණිජ මර්මස්ථානය වන බස්නාහිර පළාතෙන් වීමයි.





Household and Private Sector Borrowing Reports Significant Increase in Sri Lanka

A recent report from the Central Bank of Sri Lanka reveals a notable surge in household and private sector borrowing, which increased by approximately 10% compared to the previous year. The findings are detailed in the 'Financial Stability Report - 2026' released by the Central Bank.

In the second quarter of 2025, the household borrowing rate stood at 14.8%. By the same period this year, it skyrocketed to 25.4%, indicating a substantial year-on-year growth of 10.6% in the household sector's debt accumulation.

According to the report, a significant portion of the total household credit, approximately 62.5%, was disbursed by licensed commercial banks. The remainder, making up 37.5%, was provided through non-bank financial institutions.

Interestingly, nearly half of the total household borrowing, reported at 48.9%, originated from the Western Province, recognized as an economic and commercial hub of the country.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post