විදෙස්ගත ශ‍්‍රී ලංකා ඩයස්පෝරාවේ ලක්‍ෂ 30කට ඡන්දය දෙන්න අවස්ථාව..

 


ඉදිරි මැතිවරණවලදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිකර දීම සඳහා රජය මූලික පියවර ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව සොයා බලා ඉදිරිපත් කරන ලද ප්‍රධාන වාර්තා දෙකක් මේ දිනවල පුළුල් ලෙස අධ්‍යයනය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කමිටුව විසින් සකස් කළ වාර්තාව සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව මෙලෙස අධ්‍යයනයට ලක් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව සිය වාර්තාව මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවට යෝජනා කර ඇත. එහෙත් අමාත්‍යාංශ කමිටුවේ නිර්දේශය වී ඇත්තේ මාර්ගගත ක්‍රමවේදය  ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම ලබාදිය යුතු බව යැයි විජිත හේරත් මහතා අනාවරණය කළේය. 

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂී තාක්ෂණික යාන්ත්‍රණයක් අවශ්‍ය වන බැවින් ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, පළාත් සභා මැතිවරණය හැර අනෙකුත් මැතිවරණ පැවැත්වෙන ආකාරය සහ ඊට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් විමසීම සඳහා සියලුම දේශපාලන පක්ෂ ලබන මාසයේදී සාකච්ඡාවකට කැඳවීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය භාවිත කිරීමේ අයිතිය ලබාදෙන ලෙස දිගු කලක සිට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර, විදේශයන්හි ජීවත් වන හෝ රැකියාවල නිරත වන සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට විදේශ රටවල ජීවත් වන පිරිස 1,492,103ක් (ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක්) වන අතර, එය මෙරට මුළු ජනගහනයෙන් සියයට 7කට ආසන්න ප්‍රතිශතයකි. විදේශයන්හි උපන් ලාංකික සම්භවයක් සහිත දෙවැනි සහ තෙවැනි පරම්පරාවේ පුද්ගලයන් මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන බව ද දැක්වේ.

තවද, විදේශ රටවල ස්ථිර පදිංචිය ලැබූවන් සහ ඔවුන්ගේ විදේශයන්හි උපන් දරුවන් ද ඇතුළත් සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ලක්ෂ 20ත් ලක්ෂ 30ත් අතර වන බව ශ්‍රී ලංකා සංක්‍රමණික අධ්‍යයන සහ රාජ්‍ය තාන්ත්‍රික වාර්තා පෙන්වා දෙයි. 

එමෙන්ම ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ දත්ත අනුව රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස මිලියන 1.7 ඉක්මවන අතර, ශ්‍රී ලංකා රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 වසර වන විට මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 1,007,855 දෙනෙකු ජීවත් වෙමින් හෝ සේවය කරමින් සිටින බව වාර්තා වේ.





Government Initiates Steps to Allow Voting Rights for Overseas Sri Lankans

The Sri Lankan government has begun laying the groundwork for enabling expatriates to exercise their voting rights in upcoming elections. Foreign Affairs, Foreign Employment, and Tourism Minister Vijitha Herath revealed that two significant reports are currently under thorough examination in relation to this initiative.

He highlighted that a report prepared by a committee within the Ministry of Public Administration, Provincial Councils, and Local Government, as well as a report submitted by the Election Commission, are being studied closely.

The Election Commission's report suggests that provisions could be made for Sri Lankans residing in foreign countries to cast their ballots through Sri Lankan diplomatic missions. However, the minister pointed out that the committee's recommendation leans toward establishing an online voting system for this purpose.

To implement this process, specialized technological mechanisms are essential, and preliminary preparations have already commenced, as noted by the minister.

In the meantime, discussions are expected to be held next month with all political parties to gather views on the conduct of elections other than the provincial council elections and the related measures, stated Minister Chandra Abeyratne.

There has been a longstanding demand for the right to vote in local elections among Sri Lankans living abroad, with estimates suggesting that the number of expatriate Sri Lankans is around three million.

According to United Nations data, approximately 1,492,103 Sri Lankans currently reside overseas, accounting for about 7% of the country's total population. Notably, second and third-generation individuals with Sri Lankan ancestry are not included in these statistics.

Furthermore, reports from Sri Lanka's Migration Studies and government documents state that the total Sri Lankan diaspora, including those with permanent residency abroad and their foreign-born children, ranges between two million and three million.

Additionally, data from the International Organization for Migration indicates that over 1.7 million Sri Lankans are employed overseas, with recent government statistics projecting that by 2026, around 1,007,855 Sri Lankans will be living or working in the Middle East region alone.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ. ඒ හින්ද ඉම්පෝට් කරන්න හදන්නේ.
    ඒ මදිවට හරි හමන් මිනිස්සු ඒ රටවල් වල පුරවැසි කම අරගෙන තියෙන්නේ. නැත්තේ බෝට්ටුවෙන් ගිය කොටි විතරයි. උන් තාම ලංකාවේ පුරවැසියෝ. ඒ උනාට ඊලමක් ඉල්ලන පාහරයෝ.
    කොහෙද... කුහක කමට බලේ දුන්නනේ කල්ලතෝනි අවජාතකයන්ට. උන්ගෙන් ඊට වඩා දෙයක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Ammata Hamanila Thiyeyi Vijitha Herath Wesa Balla... Thopi makabavilama Pala...

    ReplyDelete
Previous Post Next Post