චීනය, යුරෝපා සංගමය සහ තවත් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 12 දෙනෙකු ඉලක්ක කර ගනිමින් 20% දක්වා වූ නව තීරුබදු පැනවීමට අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් යෝජනා කර ඇත.
විදේශීය රජයන් විසින් ලබා දෙන සහනාධාර හරහා නිර්මාණය වන අතිරික්ත නිෂ්පාදන ධාරිතාව පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් මාස 8ක කාලයක් පුරා සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම නව බදු යෝජනා ඉදිරිපත් කර තිබේ.
1974 වෙළෙඳ පනතේ 301 වන වගන්තිය යටතේ සිදු කළ මෙම විමර්ශනය මගින් පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද පෙර පැවති සමස්ත තීරුබදු වෙනුවට නව නීතිමය පදනමක් යටතේ බදු ප්‍රතිව්‍යුහගත කිරීම අරමුණු කර ඇත.
ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි රටවල් සහ කලාප අනුව යෝජිත තීරුබදු අනුපාත මෙසේය.
- චීනය: 20% ක නව තීරුබද්දක් යෝජනා කර ඇති අතර, දැනට පවතින ඇතැම් බදු සමඟ එක්වූ විට සමහර භාණ්ඩ සඳහා මුළු බදු අනුපාතය 40% ඉක්මවනු ඇතැයි සඳහන් වේ. දෙරට අතර පවතින වෙළෙඳ සාකච්ඡා බිඳවැටුණහොත් මෙම බද්ද 40% දක්වා ඉහළ නැංවීමට විමර්ශනයෙන් නිර්දේශ වී ඇති බව ද වාර්තා වේ.
- වියට්නාමය: 20% (විමර්ශනය මගින් 35% ක බද්දක් යෝග්‍ය බව නිගමනය කර තිබුණද දැනට 20%ක් යෝජනා කර ඇත).
- කාම්බෝජය, ඉන්දුනීසියාව සහ මැලේසියාව: 18% බැගින්.
- ඉන්දියාව: 17% (දැනට පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් එකඟතාවකට පැමිණියහොත් පමණි).
- යුරෝපා සංගමය, ජපානය සහ දකුණු කොරියාව: 15% බැගින් (මෑත කාලීනව ඇති කරගත් වෙළෙඳ ගිවිසුම්වලට අනුකූලව මෙම අනුපාතය පවත්වා ගෙන යන අතර, පෙර ගිවිසුම් කඩ වුවහොත් යුරෝපා සංගමය සඳහා එය 20% දක්වා ඉහළ යා හැකි බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි).
- විමර්ශනයට ලක්වූ සෙසු රටවල්: බංග්ලාදේශය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිවානය සහ තායිලන්තය යන රටවල් ද මෙම රටවල් 14 අතරට ඇතුළත් වන අතර, නෝර්වේ සහ මෙක්සිකෝව සම්බන්ධ විමර්ශන තවදුරටත් සමාලෝචනය වෙමින් පවතී.
මෙම නව තීරුබදු ක්‍රියාත්මක කිරීමට පෙර මහජන අදහස් විමසීමේ කාලසීමාවක් සහ අතිරේක විභාගයන් පැවැත්විය යුතු බැවින්, ඒවා බලාත්මක වීම ලබන වසරේ ජනවාරි මාසයේදී පමණ සිදුවිය හැකි බව අමෙරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, අර්ධ සන්නායක, මෝටර් රථ, වානේ, ඇලුමිනියම්, ඖෂධ සහ ඇතැම් බලශක්ති හා ආහාර නිෂ්පාදන මෙම නව බදු යෝජනාවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ.
මේ අතර, බ්‍රසීලයෙන් ආනයනය කෙරෙන නිමි ගුවන් යානා සඳහා 10% ක නව තීරුබද්දක් සහ සීනි ආනයනය සඳහා නව බදු අනුපාත පැනවීමට ද අමෙරිකාව යෝජනා කර ඇත.
මෙම පියවර බ්‍රසීලයේ එම්බ්‍රේයර් (Embraer) ගුවන් යානා නිෂ්පාදන සමාගමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ. නීතිවිරෝධී වන විනාශය සහ බ්‍රසීලයේ 'Pix' ක්ෂණික ගෙවීම් පද්ධතිය හරහා අමෙරිකානු ක්‍රෙඩිට් කාඩ් සමාගම්වලට අසාධාරණයක් සිදුවන බවට වොෂින්ටනය එල්ල කරන චෝදනා බ්‍රසීලය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලෙස බ්‍රසීලය කළ ඉල්ලීම අමෙරිකාව විසින් අවහිර කර ඇත.
නව තීරුබදු යෝජනාවලට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් පවසා ඇත්තේ, මෙය "දේශපාලන උපාමාරුවක්" බවත්, ඊනියා අතිරික්ත නිෂ්පාදන ධාරිතාව යන්න "අසත්‍ය ප්‍රවාදයක්" බවත්ය. ජනවාරි 10 වැනිදායින් අවසන් වීමට නියමිත අමෙරිකා-චීන වෙළෙඳ සටන් විරාමය ආරක්ෂා කර ගැනීමට දෙරටම එක්ව කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
මෙම පුවතත් සමඟ අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ S&P 500 ගනුදෙනු (Futures) 2.1% කින් සහ Nasdaq 100 දර්ශකය 3.2% කින් පහළ වැටී ඇති අතර යුරෝපීය කොටස් වෙළෙඳපොළ ද සුළු පසුබෑමක් පෙන්නුම් කළ බව රොයිටර්ස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
US Proposes New Tariffs Targeting China and Major Trade Partners
In a bold move, the Trump administration has proposed new tariffs of up to 20% targeting 12 key trading partners, including China and the European Union. This initiative comes after an eight-month investigation by the U.S. Trade Representative's office into surplus production capacities created through subsidies from foreign governments.
The tariffs aim to establish a new legal framework following the U.S. Supreme Court's cancellation of previous tariffs in February under Section 301 of the Trade Act of 1974. This proposal seeks to revamp the existing tariff structure significantly.
According to media reports citing White House officials, the proposed tariff rates vary by country and region. Key details include:
- China: A proposed 20% tariff, which, when combined with existing rates, could push the total tax on certain goods above 40%. If trade talks between the two nations collapse, escalating the tariff to 40% has been recommended.
- Vietnam: Proposed at 20%, despite findings suggesting a 35% tariff would be appropriate.
- Cambodia, Indonesia, and Malaysia: Suggested rates stand at 18% each.
- India: Set at 17%, contingent upon reaching an agreement in ongoing bilateral discussions.
- European Union, Japan, and South Korea: A proposed rate of 15%, which may increase to 20% should previous agreements be violated, as reported by CNN.
- Other countries under examination: Bangladesh, Singapore, Switzerland, Taiwan, and Thailand are among the 14 countries being investigated, while evaluations of Norway and Mexico continue.
Before these new tariffs can take effect, public comment periods and additional reviews are required. An American official indicated that implementation might occur in January of the following year. Notably, electronics, automobiles, steel, aluminum, pharmaceuticals, and certain energy and food products are reported to be excluded from these new tariffs.
Meanwhile, the U.S. has also proposed a new 10% tariff on the importation of commuter aircraft from Brazil, alongside new tax rates for sugar imports. This measure is expected to significantly impact Brazil's Embraer aircraft manufacturing firm.
Brazil has rejected claims that the U.S. is being unjust in relation to Brazil's 'Pix' instant payment system, which allegedly undermines American credit card companies. Furthermore, Brazil's request for the World Trade Organization (WTO) to appoint a panel to review this issue has been blocked by the U.S.
Responding to the new tariff proposals, Chinese Foreign Ministry spokesperson Gou Xiyu expressed that these tariffs represent "political maneuvering," labeling the surplus production capacity argument as "a false narrative." China emphasized the need for both nations to work together to secure the upcoming ceasefire in the U.S.-China trade battle, due to conclude on January 10, as reported by Bloomberg.
In financial markets, stock futures on the S&P 500 have dropped by 2.1%, while the Nasdaq 100 index has seen a decline of 3.2%. European stock markets have also experienced a slight downturn, according to Reuters.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒකට තමයි රාජ්‍ය තාන්ත්‍රික සඹඳතා තියන්නේ. තේරුණා නේ? මෙතන මහින්ද රාජපක්ෂ හිටියා නම් යනවා වෙනිසියුලාවට තෙල් ගන්ඩ, ලිබියාවට ගිහින් ගඩාෆිගේ (පුතාගේ) කරට අත දා ගන්නවා, ෆොටෝ ගහනවා, උතුරු කොරියාවට ගිහින් පුක දීලා එනවා, කියුබාවට ගිහින් උම්ම දෙනවා නාකි යුට්ටට, දීලා යූ.එන්. එකට යනවා, ගිහින් ඊශ්රායලේට විරුද්ධව කථා කරලා, තම්බි ඡන්ද බේර ගන්ඩ පලස්තීනේ අයිතිවාසිකම් වෙනුවෙන් සිංහනාද කරනවා, කරලා එනකොට යූ.එන්.එච්.ආර්.සී. එකෙන් ලංකාවට විරුද්ධව චෝදනා සම්මත වෙනවා, මේ වෙලාවේ වගේ නම් ටැක්ස් වැදෙනවා 50%ක් වත්, ඊට පස්සේ ඡන්දෙකට යනවා, ගිහින් ආපහු දිනනවා, දිනලා ඇමරිකාවට කියනවා අයියෝ සාමිනේ ඒ ගිය ආණ්ඩුවේ වැඩ නේ, මේ ආණ්ඩුව අලුත් එකක්, එහෙම නෑ, අපි හොඳායී, හොඳම හොඳායී, ටැක්ස් කෙලින්ඩ එපා, පුක නෑ කියලා. කියලා ආයේ පළාත්සභා හරි මොකක් හරි තව ඡන්දයක් එනකොට ආයේ යනවා පලස්ථීනෙ බේර ගන්ඩ යූඑන් එකට, ඒත් මදි නම්, තම්බිලා යූ.එන්.පී. එකට හේත්තු වෙලා වගේ නම් තව යනවා ඉරානෙටත්, ගිහින් දෙනවා ලංකාවේ සුභ පැතුම්, දීලා, එහෙ ඩයල් එකට මෙහෙ එන්ඩ ආරාධනාත් කරණවා, ඌත් මෙහෙ ඇවිල්ලා, ආරාධනා කරපු ලෝකේ එකම රට මේකනේ කියලා ඇමරිකන් ඩොලර් මිලියන 100ක විතර ආධාරයක් දෙනවා, දීපු ගමන් ඒක අරන් අපේ ලොක්කා ඇමරිකන් ඩොලර් මිලියන 500ක විතර ඇමරිකන් ආධාර නැති කර ගන්නවා, ජී.එස්.පී. ප්ලස් අහිමි කර ගෙන ඩොලර් බිලියන 2ක විතර අපණයන ආදායම් වාර්ශිකව අහිමි කර ගන්නවා, මාලු අපණයනය නතර කර ගන්නවා, ඉන්දියාව ඕකට හැපි වෙනවා, එනවා ඉන්දියන් කාරයා මෙහෙ, ඇවිල්ලා අපිට ආතල් දීලා යනවා, හනේ අම්මේ....
ReplyDelete