අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ මාර්ග රැසක් අද (25) ජලයෙන් යටවී ඇති අතර, දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ අතර ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ මහනුවර - යාපනය මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව පැවති අතර, පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ මාර්ගය ද ජලයෙන් යටවී තිබූ බව වාර්තා වේ.
අද පස්වරු 6.00ට පමණ නගරය ජලයෙන් යටව තිබූ බැවින් අදාළ මාර්ගයේ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබිණි.
එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථාන තුළට ද ජලය ගලා ඒම නිසා අලාභහානි රැසක් සිදුව ඇති බව ව්‍යාපාරිකයන් ප්‍රකාශ කර ඇත.
Severe Rainfall Leads to Flooding in Several Districts, Alerts Issued
Heavy rainfall has caused widespread flooding in the Mahanuwara region, with numerous roads submerged under water as of today, September 25. Warnings have been issued for the risk of flooding in six districts.
The districts affected include Mahanuwara, Matale, Nuwara Eliya, Ratnapura, Kegalle, and Kalutara.
Reports indicate that the town of Akurana on the Mahanuwara - Jaffna road is significantly impacted, with floodwaters inundating areas. Additionally, the roads in the Peradeniya and Peni Deniyawatta region are also reported to be submerged.
By approximately 6:00 PM today, access to the city was severely hindered due to the flooding, causing significant disruptions to vehicle movement on the affected roads.
Local business owners have reported substantial losses, as floodwaters have inundated their establishments, further exacerbating the economic impact of the severe weather conditions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
