වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමඟ බිත්තරයක සිල්ලර මිල යළිත් රුපියල් 42 ත් 45 ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබේ.
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා සඳහන් කරන්නේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ සැපයුම සීමා වීම හමුවේ මෙම මිල සංශෝධනය සිදුව ඇති බවයි.
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කුකුළු ගොවිපළවල ඵලදායිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මීට පෙර සියයට 80 ක මට්ටමක පැවති බිත්තර දැමීමේ ධාරිතාව මේ වන විට සියයට 50 ත් 60 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව ප්‍රකාශ කළේය.
ඊට අමතරව, සත්ත්ව ආහාර සඳහා භාවිත කරන බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ද ගොවිපළ නිෂ්පාදන වියදම වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් කේක් සහ බේකරි නිෂ්පාදන කටයුතු කල්තියා ආරම්භ කිරීම නිසා බිත්තර සඳහා ඉහළ වෙළෙඳපොළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, මෙය කිසිසේත්ම කෘත්‍රීම හිඟයක් හෝ මිල ඉහළ දැමීමක් නොව ඉල්ලුම හා සැපයුම අතර පවතින ස්වභාවික පරතරය නිසා සිදු වූවක් බවත් සංගමය අවධාරණය කරයි.
මේ අතර, පවතින ඉල්ලුම සහ සැපයුම් ගැටලු හේතුවෙන් බිත්තර මිල මෙලෙස ඉහළ මට්ටමක පැවතීම ලබන වසරේ ජනවාරි මාසය දක්වාම අඛණ්ඩව පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙයි.
මේ අතර වෙලදපලේ රතුළුණු මිලද විශාල ලෙස ඉහල ගොස් ඇති අතර කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 700-1000 අතර මිල ගණන් වලටයි.
Egg Prices Surge Amid Increased Demand and Supply Constraints
The price of eggs has risen significantly in Sri Lanka, with retail prices climbing between Rs. 42 and Rs. 45 due to heightened demand in the market. This surge comes as the country grapples with rising production costs and limited supply.
Anurashiri Marasinghe, Secretary of the All Island Egg Traders' Association, pointed out that the price adjustments are a direct result of these economic pressures. He highlighted the impact of heavy rainfall and adverse weather conditions on poultry farm productivity, which has dropped considerably.
Additionally, rising prices for essential raw materials, such as maize used in animal feed, have further exacerbated production costs for farmers. The increased costs are making it more difficult for them to maintain sustainable operations.
In the lead-up to the festive season, demand for eggs has surged due to the commencement of cake and bakery production for Christmas and the New Year. The association clarified that this spike in demand is not an artificial scarcity or price gouging but rather a natural imbalance between supply and demand.
Ajith Gunasekara, Chairman of the All Island Poultry Associations, warned that the combination of current demand pressures and supply chain difficulties could maintain egg prices at elevated levels through January of next year.
Furthermore, prices for red lentils have also skyrocketed, with retail prices ranging from Rs. 700 to Rs. 1000 per kilogram, reflecting widespread inflationary trends in the market.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


ඉස්සර නං බඩු මිල ඉහළ ගියහම වල්ලපොලේ ගහගෙන මහ පාරේ කෑගහපු එව්වෝ ටිකක් හිටිය දැන් උන් වඳ වෙලා ගිහින්
ReplyDelete