අධ්‍යාපනයට අයවැයෙන් 48%ක් වැඩි කලා.. එය ඉතිහාසයේ වැඩිම මුදලයි..- කුමාර ජයකොඩි


 ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරන ලද දැවැන්තම මූල්‍ය ප්‍රතිපාදනය ලෙස රුපියල් බිලියන 749 ක මුදලක් වෙන් කර ඇති බව හිටපු බලශක්ති ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

තම නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙන් තබන ලද වඩාත්ම විශ්වසනීය පියවර මෙය බවයි.

එමෙන්ම, 2023 වසරට සාපේක්ෂව 2027 අයවැය වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් සියයට 48.6 කින් (48.6%) ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත්, එමඟින් රටේ දරුවන්ට ගුණාත්මක මෙන්ම සමබර අධ්‍යාපන පද්ධතියක් උරුම කර දීමට රජය සතු දැක්ම සහ නොසැලෙන කැපවීම මනාව පැහැදිලි වන බවත් ඔහු අවධාරණය කර සිටී.

"අධ්‍යාපනය කියන්නේ අත්තටු... අත්තටු ලැබුණු දරුවන්ට මුළු ලෝකයම ජය ගන්න පුළුවන්" යනුවෙන් පවසන ඒ මහතා, හෙට දිනයේ ලෝකය ජයගන්නා බුද්ධිමත් පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් රටකට කළ හැකි වටිනාම ආයෝජනය අධ්‍යාපනය බව ද සිය සටහන මඟින් වැඩිදුරටත් සිහිපත් කර තිබේ.







Sri Lanka Allocates Record Funding for Education Sector

In a significant move for the education sector, former Minister of Power and current Parliamentarian Kumara Jayakody announced that a staggering 749 billion rupees has been earmarked for educational development in Sri Lanka. This allocation marks the largest financial commitment to education in the nation’s history.

Taking to his official social media account, Jayakody highlighted this as a critically trusting step for the future of the country's youth. He emphasized that the government's vision is to ensure equitable and quality education, which he believes is fundamental for the empowerment of future generations.

Furthermore, he pointed out that the budget for the education sector is set to increase by an impressive 48.6% by the year 2027, compared to expenditures for 2023. This bold initiative underscores a dedicated commitment by the government to deliver a robust educational framework for children across Sri Lanka.

"Education is the gateway... it enables children to conquer the entire world," Jayakody remarked, underlining that investing in education is one of the most valuable commitments a country can make to create an enlightened future generation ready to face the global landscape.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. වෙන් කරාට සත පහක වැඩක් තියෙනවද?උඹලා කටින් වැඩි කරාට ඕවයෙන් වැඩ කරන්නේ නෑ.ගිය අවුරුද්දේ වෙන් කරපු ගණන් වලින් සීයට 25යි වැඩ කරල තියෙන්නෙ සියයට 75 ක් ආපහු භාණ්ඩාගාරයට.ඊට පස්සේ අනිත් පැත්තෙන් කයිවාරු ගහනවා අපි ත්‍රිලියන ගණන් භාණ්ඩාගාරෙ පිරෙව්ව කියල.උඹලා ඔය මොනවත් නෙමෙයි කරන්න හදන්නේ උබල දන්නවා උඹලට දැන් කෙලවෙලා තියෙන්නේ කියලා. මේ සල්ලි බොරුවට කයිවාරු ගහලා වෙන් කරා කියලා වැඩ නොකර ඉතුරු කරගෙන විසිනමේ ඡන්ද එනකොට ඔය ඉතුරු කරගත්ත සල්ලි වලින් මැජික් පෙන්නලා ආපහු මිනිස්සු රවට්ටන්න හදන්නේ.

    ReplyDelete
  2. Gal anguru hora.muta addyapana amathi kama dunnanam uganni horakam hithala balanna

    ReplyDelete
Previous Post Next Post