වන අලි පැන ගම්මානයක් වනසයි... නිවාස බිමට පෙරලයි..


10 වන දින රාත්‍රියේ ආහාර සොයා ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය මහවැලි ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් එම ගම්මානයේ නිවාස තුනකට බරපතළ හානි සිදුවී ඇති අතර, නිවැසියන් දිවි ගලවාගෙන ඇත්තේ අනූනවයෙනි.

ප්‍රහාරයෙන් තම නිවස මුළුමනින්ම විනාශ වී අසරණ වූ අංක 198 දරන නිවසේ පදිංචි ඒ.ඩබ්ලිව්.ජී. බිසෝ මැණිකේ මහත්මිය සිද්ධිය විස්තර කළේ දැඩි කම්පනයෙනි:

"මගේ ගෙදර ජීවත් වෙන්නේ මමයි පුතයි විතරයි. එදා රෑ පුතා ගෙදර හිටියේ නැහැ. රාත්‍රී 11.00ට විතර බිත්තියට කවුරුහරි ගහනවා වගේ දැඩි ශබ්දයක් ඇසුණා. මම බිත්තිය ළඟට යනකොටම වන අලියා බිත්තිය පෙරළන්න පටන් ගත්තා. මම වහාම අනිත් කාමරයට දිව ගියත්, අලියා ඒ බිත්තියත් කඩා දැමුවා. ඌ සෙව්වේ ගේ ඇතුළේ තිබුණු වී අස්වැන්නයි. අන්තිමේදී මම අනූනවයෙන් නිවසින් පැනලා දුවලා පහළ ආරණ්‍යයට ගිහින් තමයි රෑ එළිවන තුරු ජීවිතය බේරාගත්තේ. පසුදා උදෑසන ඇවිත් බලද්දී නිවසේ සිව්පස බිත්තිම කඩලා, ගෙදර තිබුණු සියලු බඩුමුට්ටු සුන්බුන්වලට යටවෙලා විනාශ වෙලා තිබුණා. වී මලු හතරක්ම අලියා කාලා විනාශ කරලා. හොඳ වෙලාවට පුතා ගෙදර නොසිටියේ; ඔහු සිටියා නම් අලියා එළවන්න ගිහින් ජීවිතය පවා අහිමි වෙන්න තිබුණා. දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම් ටික විතරයි. අපේ මේ විනාශයට වගකියන්නේ කවුද? වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් ආවේ නැහැ. මේ කඩා වැටුණු නිවස යළි හදාගන්නේ කෙසේද කියා සිතාගන්නවත් බැහැ."

හානියට පත් අංක 185 දරන නිවසේ පදිංචි ඩී.එම්. සිරි කුමාරි මහත්මිය වනජීවී නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳව මෙසේ චෝදනා කළාය:

"රාත්‍රී 11.30ත් 12.00ත් අතර කාලයේ අලියා ඇවිත් අපේ නිවසේ බිත්තියට පහර දුන්නා. අපි කෑගැසුවත් ඌ පළා ගියේ නැහැ. ඒ අවස්ථාවේදීම මහියංගණය වනජීවී කාර්යාලයට කතා කළාම ඔවුන් කිව්වේ අලි පලවා හැරීමේ කණ්ඩායමක් පිටත් කර ඇති බවයි. නමුත් ලබා දුන් දුරකථන අංක කිසිවක් ක්‍රියා කළේ නැහැ. කිසිදු නිලධාරියෙක් එම අවස්ථාවේ පැමිණියේත් නැහැ. පසුව අපට දැනගන්න ලැබුණා අලි එළවන්න ආපු කණ්ඩායම මේ ආසන්නයට පැමිණ සාදයක් දමා ආපසු ගොස් ඇති බව. බලධාරීන් මේ සෙල්ලම් කරන්නේ අහිංසක ගැමියන්ගේ ජීවිත සමඟයි."

අදාළ වන අලියා පෙර දින දහවල් කාලයේ බෙලගන්වැව ප්‍රදේශයේ සැරිසරා ඇති අතර, ඌ රාත්‍රියේදී ගම්මානයට කඩා වැදීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන්ට කල්තියා දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොතිබූ බව ගම්වාසීහු පෙන්වා දෙති.





Wild Elephant Attack Leaves Homes in Ruins in Ulhitiya

On the night of the 10th, a wild elephant ravaged the village of Ulhitiya in Giranthuru Kotte, causing significant damage to three homes. Miraculously, the residents escaped unharmed amidst the chaos.

A resident of house number 198, A.W.J. Biso Manike, recounted the terrifying incident, describing an alarming tremor that shook her house. "It was just my son and me at home, as my son was away that night. Around 11:00 PM, I heard a loud crash as if someone was hitting the wall," she explained. When she approached, she saw the elephant attempting to topple the wall. Despite her desperate attempts to flee to another room, the elephant broke through. It destroyed pots of freshly harvested rice left behind in her house. Ultimately, she barely escaped, running down the path to safety until dawn. Upon returning in the morning, she found her house completely in ruins with all belongings crushed beneath the fallen walls. The elephant had devoured four stacks of rice. Thankfully, her son wasn’t home; had he been there, the outcome could have been fatal. "All I have left are these clothes I'm wearing. Who will take responsibility for our devastation? Even after notifying the Wildlife Department, they never came. I cannot even fathom how to rebuild this destroyed home," she lamented.

Similarly, D.M. Siri Kumari, residing in house number 185, voiced her frustration over the wildlife authorities' lack of action. "Between 11:30 PM and midnight, the elephant attacked our wall. Though we screamed, it did not retreat. At that moment, I called the wildlife office in Mahiyangana, and they informed me that a team had been dispatched to drive the elephant away. However, none of the provided contacts were operational, and no officials arrived on the scene. Later, we learned that the team had celebrated in the area before returning without addressing our situation. This recklessness plays with the lives of innocent people," she accused.

The aggressive elephant had been roaming the Belagandawa area earlier that day, and villagers had warned the wildlife officials of the potential danger it posed during the night. Unfortunately, it appears that their concerns were not adequately addressed.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post