කොළඹ වරාය තුළ ආනයන හා අපනයනකරුවන්ගෙන් ගාස්තු අය කිරීමේදී පවතින වැරදි සහගත නියාමන ක්‍රමවේදය හේතුවෙන් වාර්ෂිකව මෙරටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවන බව ශ්‍රී ලංකා භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් සංගමය පෙන්වා දෙයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ මහ ලේකම් ඉනාම් කැපූර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, වරාය පර්යන්ත ගාස්තු මෙන්ම නාවික ප්‍රවාහනයට අදාළ අනෙකුත් අතිරේක සේවා ගාස්තු විදේශීය පාර්ශ්වයන් වෙනුවෙන් මෙරටින් විදේශ මුදලින් ගෙවීමට සිදුවීම හේතුවෙන් ජාතික විදේශ විනිමය සංචිතයට අනවශ්‍ය බරපතළ පීඩනයක් එල්ල වන බවයි.
මෙරට වරාය සීමාව තුළ සපයනු ලබන සියලු සේවාවන් සඳහා වන ගෙවීම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය නීතිරීතිවලට අනුකූලව දේශීය රුපියල්වලින් පමණක් සිදුකළ යුතු බව සංගමයේ මූලික ස්ථාවරය වී තිබේ.
පෙර පැවති රජය විසින් නැව් නියෝජිතයන්, භාණ්ඩ ප්‍රවාහන සංවිධායකයන් නැව් හිමිකාරිත්වයක් නොමැති පොදු ප්‍රවාහන ක්‍රියාකරුවන් සහ බහාලුම් මෙහෙයුම්කරුවන් වෙනුවෙන් නිකුත් කරන ලද අංක 2334/26 දරන ගැසට් නිවේදනය වහාම අහෝසි කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
අදාළ රෙගුලාසි සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දෙන මහ ලේකම්වරයා, පවතින අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීම සඳහා සකස් කරන ලද සංශෝධිත කෙටුම්පත් ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන නොමැති බවට චෝදනා කරයි. මීට පෙරද මෙම අසාධාරණ රෙගුලාසිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා සංගමයට සිදුවූ බව හෙතෙම සිහිපත් කළේය.
ලොජිස්ටික්ස් ක්ෂේත්රයේ සිදුවන මෙම අක්රමිකතාව හේතුවෙන් ව්‍යාපාරික පිරිවැය ඉහළ ගොස් රටේ විදේශ විනිමය අනිසි ලෙස පිටතට ගලා යාම වළක්වාලීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව කරුණු පැහැදිලි කර ඇති බවද ඉනාම් කැපූර් මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් හිමිව නොමැති බවද ඔහු කියා සිටියේය.
Colombo Port's Regulatory Issues Costing Sri Lanka $50 Million Annually
The Sri Lanka Goods Transportation and Supply Association has revealed that incorrect and outdated regulatory practices in the collection of fees from importers and exporters at the Colombo Port are resulting in an annual loss of over 50 million US dollars in foreign exchange for the country.
Speaking at a media conference in Colombo, Secretary Inam Kapur indicated that not only the port service charges but also additional fees related to maritime transport are forcing international players to pay in foreign currency, consequently placing an unnecessary burden on the national foreign exchange reserves.
The association firmly advocates that all payments for services provided within the country’s port limits should be conducted solely in local currency, in alignment with Sri Lanka's foreign exchange regulations.
Moreover, they are urging the government to immediately revoke Gazette Notification No. 2334/26, which was previously issued by the former government for ship agents, freight forwarders, public transport operators without ship ownership, and consolidation operators.
Kapur emphasized that the current government has yet to take action to obtain the necessary parliamentary approval for these relevant regulations. He criticized the lack of steps to present the amended proposals to the Cabinet or Parliament to rectify the existing crisis. He also recalled that the association had previously resorted to legal action against these unjust regulations.
This disruption within the logistics sector is driving up business costs and contributing to an inappropriate outflow of foreign exchange. Consequently, he has formally conveyed these concerns to President Anura Kumara Dissanayake, urging intervention to address the matter.
However, Kapur expressed disappointment at not having had the opportunity for direct discussions with the President regarding this issue thus far.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
