ඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පනවනු ලබන රුපියල් 5,000ක දඩ මුදල, රුපියල් 25,000 සිට 50,000 දක්වා සැලකිය යුතු අගයකින් ඉහළ දැමීමට අවශ්‍ය නීතිමය සංශෝධන සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන කරයි.
දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා වන අදාළ නීති කෙටුම්පත මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය සහ උපදෙස් සඳහා යොමු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කරන්නීය.
මේ වසර තුළ මේ දක්වා ක්‍රියාත්මක කරන ලද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් 07ක් ඔස්සේ දිවයින පුරා විවිධ පරිශ්‍ර 459,707ක් පරීක්ෂාවට ලක් කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එහිදී හෙළි වී ඇති සංඛ්‍යාලේඛන අතිශය අවදානම් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන අතර, පාසල් සහ පොදු ස්ථානවල පවතින නොසැලකිලිමත්භාවය ඉන් පැහැදිලි වේ.
එම සමීක්ෂණ දත්ත අනුව පරීක්ෂා කරන ලද පාසල් 1,739න් සියයට 34කම මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇත. පරීක්ෂාවට ලක් කළ ආගමික ස්ථාන 1,911න් සියයට 21ක මදුරු කීටයන් සහිත ස්ථාන හමුවී තිබේ. රාජකාරි හා රාජ්‍ය ආයතන 2,909න් සියයට 20ක මදුරුවන් බෝ වන පරිශ්‍ර හඳුනාගෙන ඇත. පරීක්ෂා කෙරුණු සමස්ත නිවාස 372,387න් සියයට 08ක මදුරුවන් බෝ වන ස්ථාන වාර්තා වී තිබේ.
මේ අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා කඩිනමින් සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් විශේෂ 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්' ද පසුගිය 09 වැනිදා ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
Proposed Increase in Dengue Fine Amidst Rising Mosquito Populations
The fine for individuals failing to maintain their premises to combat dengue mosquitoes is set to rise significantly, with proposed legal amendments seeking to increase the penalty from the current LKR 5,000 to a range between LKR 25,000 and LKR 50,000. This initiative has been announced by the National Dengue Control Program.
According to Dr. Prashila Samarawira, a public health specialist with the program, the relevant legal draft for these revised fines has already been submitted to the Attorney General's Department for review and guidance.
This year, the health sector has reported the inspection of 459,707 premises across the nation through seven national dengue control campaigns. These efforts highlight a concerning trend, with statistics revealing significant risk factors, particularly in schools and public spaces, due to negligence in maintaining hygiene.
Notably, out of 1,739 inspected schools, 34% were found to have habitats conducive to mosquito breeding. Similarly, 21% of religious sites among 1,911 inspected were identified as breeding grounds. Additionally, 20% of state institutions, from a pool of 2,909, were discovered to harbor mosquitos, while 8% of homes out of 372,387 surveyed exhibited mosquito breeding conditions.
In a move to enhance the efficiency and coordination of efforts to control dengue spread, authorities have established a special 'Dengue Mosquito Control Operations Office' as of September 9th.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
