නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිදුවීමට අදාළ නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) වරෙන්තු නිකුත් කළේය.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් මෙම විවෘත වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ, අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී එහි දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
මෙම සිද්ධියට අදාළව වරාය පොලිසිය මඟින් සැකකරුවන් 14 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඉන් සැකකරුවන් 09 දෙනෙකුට හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබිණි.
මෙම වරෙන්තුව නිකුත් වන අවස්ථාව වන විටත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේ දන්සල් පරිශ්‍රය අසල රැඳී සිටිමින්, අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස රජයට බලකරමින් මාරාන්තික උපවාසයක නිරතව සිටීම විශේෂත්වයකි.
එම විරෝධතාව සම්බන්ධයෙන් ද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පූජා භූමියෙන් ඉවත් වන ලෙස නියෝගයක් නිකුත් කර තිබිණි.
ත්‍රිකුණාමලය සිදුවීමට අදාළ නෛතික ආරවුල හටගත්තේ කොටුව ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේ ඉදිකිරීමක් මුල් කරගනිමිනි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිසි පූර්ව අනුමැතියකින් තොරව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකරමින් එහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ පාර්ශ්ව අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.
එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කස්සප හිමියන් ඇතුළු පිරිස පසුව ඇප මත මුදාහැර සිටි අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී නොසිටීම නිසා මෙලෙස යළි වරෙන්තු නිකුත් කර තිබේ.
Arrests Ordered for Buddhist Monk in Trincomalee over Illegal Statue Installation
A prominent Buddhist monk, Balangoda Kassapa, is facing a fresh arrest warrant issued by the Trincomalee Magistrate's Court today, following his failure to appear for a hearing related to the illegal installation of a statue along the Trincomalee coastline, lacking the necessary legal permissions.
This open warrant was issued by Magistrate M.S.M. Samsudeen due to the monk’s absence from court during the convening of the case in which he is named as the second accused. Fourteen suspects connected to the incident have already been presented to the court by the port police.
The magistrate has directed nine of these suspects to report to the Trincomalee port police station tomorrow for interrogation. Meanwhile, the case has been postponed for further examination until January 6 of the following year.
At the time the warrant was issued, Kassapa was reportedly at the historic Ruwanweli Maha Seya in Anuradhapura, where he has been engaged in a significant fast, demanding the annulment of a gazette notification related to the Anuradhapura sacred site development plan.
This protest has already prompted the Anuradhapura Magistrate’s Court to order his removal from the sacred site.
The controversy surrounding the Trincomalee incident began after an unauthorized construction was attempted near the Sri Sambuddhatva Jayanthi Bodhi Raj Viharaya, located close to the coast at Kotuwa, highlighting issues concerning coastal conservation and resource management.
Efforts to install the Buddhist statue without the proper prior approval from relevant authorities led to heightened tensions between the police and the involved parties. Previously, some of those arrested, including Kassapa, were released on bail, but their failure to appear in court has necessitated the issuance of new warrants.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පැලවත්තේ කූඨ උපක්‍රම මත අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා. අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, එන්.ජී.ඕ රූකඩ, දෙලොවටම නැති අපතයන්ට උරුම වන්නේ කල්ප ගානක් පැහෙන නිරයයි 😡🤮
ReplyDeleteමාලිමා වහන්තරාවට මුවා වෙලා 70 වසරක සාපය ගැන බොරු කියලා බලයට ඇවිත් නූතන එළාරයා, ඩබල් පොකට්, තඹුත්තේගම රොඩියා, ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක ජෙප්පා ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින්, පැලවත්තේ පාදඩ පොලීසිය යොදාගෙන ජනතාව පීඩාවට පත්කරමින් මේ යන කූඨ සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡
aniwaryenma owunta urumawanne nirayama pamanai.
Delete