ධනවතුන්ගේ ආදායම තවත් 6.8% කින් නැගලා... දුප්පතුන් 19%කින් තව දුප්පත් වෙලා..


 රටේ පොහොසත්ම සියයට 20ක ජන කාණ්ඩයේ ආදායම සියයට 6.8කින් ඉහළ ගොස් ඇති අතර, දුප්පත්ම සියයට 20ක ජනතාවගේ ආදායම සියයට 19.6කින් පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සෑම ආණ්ඩුවක් විසින්ම රැකබලා ගත යුතු ජන කොටස් වෙනුවෙන් මුදල් වියදම් කර ඇති නමුත්, ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරිපත් කර ඇත්තේ "සරදියෙල් පන්නයේ දෙපැත්ත මාරු වූ අයවැයක්" බවයි.

"සරදියෙල්ගේ න්‍යාය වුණේ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීමයි. හැබැයි ජනාධිපතිවරයාගේ න්‍යාය තිබෙන්නේ මේ රටේ දුප්පතුන්ගෙන් තව තවත් අරගෙන ගජමිතුරු ව්‍යාපාරික පන්තිය තවත් පොහොසත් කිරීමයි," යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසර දෙකේම අයවැය සකස් වී තිබුණේ එම ආකාරයෙන් බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපතිවරයා විසින් දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත් කර ගජමිතුරු ව්‍යාපාරික කල්ලිය උග්‍ර පොහොසතුන් බවට පත් කිරීම සිදු කරන බවට චෝදනා කළේය.

2019 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය සියයට 14.3 සිට සියයට 16 දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවද සුරංග රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.





Income Disparity in Sri Lanka Widens, Says Opposition Parliamentarian

During a session in Parliament, Suranga Ratnayake, an MP representing the Anuradhapura district, revealed alarming statistics indicating that the income of the wealthiest 20% of the population has surged by 6.8%, while the income of the poorest 20% has plummeted by 19.6%. This disparity highlights the growing economic divide in the country.

Expressing his concerns, Ratnayake pointed out that while every government has allocated funds to protect vulnerable segments of the population, the current administration under President Ranil Wickremesinghe is presenting what he described as a "budget swap" rather than an effective solution.

He elaborated, “The principle behind the budget should be to take from the rich and give to the poor. However, what we see with the President’s approach is a continued extraction from the impoverished populace to further enrich a business elite.”

His remarks emphasize a recurring theme in the past two budgets, where he accused the administration of converting the impoverished into even worse conditions, while a select group of wealthy interests is being allowed to thrive.

Additionally, Ratnayake highlighted that the poverty rate is projected to rise incrementally from 14.3% in 2019 to 16% by 2025, underscoring the urgency for a more equitable economic strategy. His statements reflect growing frustration among opposition members regarding the government's handling of economic disparities and the impact on the most vulnerable citizens in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post