බන්ධනාගාරයේ සිට දේශපාලඥයෙකුට කෝල් 68ක්..


විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 70 දෙනෙකු රතු සහ නිල් වරෙන්තු මත මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති බවත්, ඔවුන් සිදු කළ පාපොච්චාරණවලදී සිරමැදිරියක සිටින පාතාල සාමාජිකයෙකුට එක්තරා දේශපාලන පක්ෂයක පුද්ගලයෙකු 68 වතාවක් දුරකථනයෙන් කතා කර ඇති බවට අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංවිධානාත්මක අපරාධ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වී ඇති පසුබිමක රටේ අවශ්‍යතාව පරිදි සංවිධානාත්මක අපරාධ පනතක් ගෙන ඒමට සිදුව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය ආණ්ඩු සමයේ මෙන් නොව වත්මන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සහ ආයතන ස්වාධීන කිරීම තුළ මෙලෙස අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව පැවසීය.

එම අපරාධකරුවන් ලබා දී ඇති පාපොච්චාරණවලින් ඇතැම් පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වී ඇති බැවින් පිරිසක් කලබලයට පත්ව සභාව තුළ කෑගසමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, අධිකරණ ක්ෂේත්‍රයේ සිදු කර ඇති සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයක් සහ වාණිජ මහාධිකරණ දෙකක් අලුතින් ස්ථාපිත කර ඇති බවයි. එමෙන්ම, අපරාධ මහාධිකරණ සංඛ්‍යාව 08 සිට 11 දක්වා වැඩි කර ඇති බවත්, අල්ලස් නඩු විභාග කිරීම සඳහාම වෙනම මහාධිකරණ 03ක්, ත්‍රිපුද්ගල මහාධිකරණ 02ක් සහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ 02ක් පිහිටුවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද අධිකරණ පද්ධතියේ පවතින භාෂාමය ගැටලු විසඳීමට පියවර ගන්නා බවත්, නීතිඥවරුන්ගේ පහසුව සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ඔප්පු භාර ගැනීමේ කවුළුවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අදාළ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නීතිය පොතට පමණක් සීමා නොවී සැබෑවටම ක්‍රියාත්මක වන, මුදල් හෝ දේශපාලන බලය නොතකා සැමට යුක්තිය ඉටුවන රටක් නිර්මාණය කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිය බව ද සුනිල් වටගල මහතා අවධාරණය කළේය.





Police Successfully Repatriate 70 Organized Crime Suspects

In a significant development, police have successfully brought back 70 organized crime suspects who were operating from abroad under red and blue warrants. This revelation came from Deputy Minister Sunil Watagala during a parliamentary session, where he disclosed that one of the suspects had made 68 phone calls to a member of a political party while imprisoned.

Engaging in budget discussions, the Deputy Minister emphasized the rising threat of organized crime, both locally and internationally, which has necessitated the introduction of new legislation. He noted that the current government's policy framework and institutional independence have enabled the repatriation of criminals, a departure from previous administrations.

Concerns have arisen among some members of parliament regarding the identities disclosed in connection with the repatriated suspects, leading to palpable unease during the session.

Additionally, discussing advancements within the judiciary, the Deputy Minister announced the establishment of two new courts in Colombo, including a Civil Appellate High Court and a Commercial High Court. He also highlighted the expansion of the number of criminal courts from eight to eleven, as well as the creation of three separate courts for handling bribery cases, two three-member courts, and two permanent three-member courts.

Efforts are also underway to address existing language barriers within the judicial system, with discussions ongoing about initiating a project to establish a document drop-off counter within the Registrar General's office at the newly constructed courthouse, aimed at facilitating legal practitioners.

Sunil Watagala asserted that the government's fundamental policy is to create a nation where justice is attained for everyone, free from the influence of money or political power, and effectively implemented beyond the confines of legal texts.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ආර්යාවව (පුංචම්මාව) ඝාතණය කරලයි කියල සැකයක් තියෙනවා කියල ෆේස්බුක් එකේ කතාවක් යනව. කවුරු හරී දන්නවද ඒ කතාවේ ඇත්ත නැත්ත?

    ReplyDelete
Previous Post Next Post