බලය ලබා ගැනීමට පෙර ජනතාවට දෙන පොරොන්දුත්, බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියා කරන ආකාරයත් හාත්පසින්ම පරස්පර විරෝධී බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.
දිවයින පුරා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු උපාධිධාරී සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති බරපතළ වෘත්තීය ගැටලු සහ උසස්වීම් අහිමිවීමේ අර්බුදය සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදී අනුනාහිමියෝ මේ බව සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙන්වා දුන්නේ, බලය ලබාගැනීමේ අරමුණින් ඡන්දය ඉල්ලන දේශපාලනඥයන්, පාලන බලය අතට ගත් පසු සියලු වගකීම් පැහැරහරිමින් ජනතාව දැඩි අසීරුතාවට පත්කරන බවයි.
‘මේ දක්වා බලයට පත්වූ සෑම ආණ්ඩුවක් වගේම බලය ලබා ගැනීමට පෙර විවිධ පොරොන්දු ලබා දුන්නත් ඒවා ඉටුකරන්න යනකොට තමයි තේරෙන්නේ ලබා දුන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා. සමහර දේශපාලඥයෝ පොරොන්දු වුණා හඳෙන් හරි ඇට අටක් ගෙනල්ල දෙනව කියල. මේ අය කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. මේ රටේ උපාධිධාරීන් රැකියා ලබා දෙන්න කියලා උද්ඝෝෂණය කරනකොට තමයි ක්ෂණිකව සංවර්ධන නිලධාරි කියල තනතුරක් හදලා රැකියා දුන්නේ. එහෙම නැතුව විධිමත් සැලැස්මක් ඇතිව නෙවෙයි මේ රැකියා දීලා තියෙන්නේ. මේ නිලධාරීන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. කියන විදියට කොයි තරම් කාලයක් වැඩ කළත් බඳවා ගත්ත තනතුරේම තමයි විශ්‍රාම යන්න වෙලා තියෙන්නේ. කිසිම රජයේ සේවකයෙකුට එහෙම නෑ. හැම කෙනාටම කාලයක් යනකොට උසස් වීම්, වැටුප් වැඩිවීම් සිදුවෙනවා. මේ කණ්ඩායමටත් එහෙම සාධාරණයක් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අදාළ වගකිව යුත්තන්ට දැනුම් දෙන්න අපි පියවර ගන්නම්.’’
රජය විසින් විශ්වවිද්‍යාල හරහා උපාධිධාරීන් බිහිකළ ද, ඔවුන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් නිසි ඵලදායී සේවයක් ලබාගැනීමට හෝ ඔවුන්ට පැහැදිලි වෘත්තීය අනාගතයක් නිර්මාණය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම ජාතික අපරාධයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. සෞඛ්‍ය ක්ෂේත්රය ඇතුළු සෙසු ක්ෂේත්රවල නිලධාරීන්ට මෙන් සංවර්ධන නිලධාරීන්ට ද නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් විය යුතු බවත්, තරග විභාගයක් පවත්වා හෝ සුදුස්සන් ඉහළ තනතුරු සඳහා උසස් කිරීමට පියවර ගත යුතු බවත් පැවසූ අනුනාහිමියෝ, මෙම කරුණු මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද අවධානයට යොමුකර රජයට ඉදිරිපත් කිරීමට මැදිහත් වන බවට සහතික වූහ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී උපාධිධාරීන් 7,500ක් රුපියල් 250ක මාසික වැටුපකට ගුරු සේවයට එක්කර, වසර පහක දුෂ්කර සේවයක් ලබාගනිමින් ඔවුන්ගේ බැංකු ණය පවා ගෙවා දැමීමට පහසුකම් සැලසූ ඓතිහාසික ක්‍රමවේදය ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
මෙම හමුවේදී අනුනාහිමියන් හමුවේ කරුණු දැක්වූ සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ, මධ්‍යම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම පළාත් සභා ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පුරා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් එක්ලක්ෂ පනස් දහසකට (150,000) ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටින බවයි.
2012 වසරේදී සේවා ව්‍යවස්ථාවක් සකස් කර තමන්ව සේවයට බඳවා ගත්ත ද, එම ව්‍යවස්ථාව තුළ කිසිදු උසස්වීම් පටිපාටියක් ඇතුළත් කර නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවයට එක්වන උපාධිධාරියෙකුට වසර 35ත් 40ත් අතර කාලයක් සේවය කර විශ්‍රාම යාමට සිදුව ඇත්තේ ද එම තනතුරෙන්ම බවත්, රාජ්‍ය සේවය තුළ තීරණ ගැනීමේ හෝ පරිපාලනමය බලතල නොමැතිවීම නිසා රටට ඵලදායී සේවයක් කිරීමට ඇති හැකියාව මුළුමනින්ම ඇණහිට ඇති බවත් ඔවුහු පැවසූහ.
වෘත්තීය සමිති 12ක එකමුතුවක් ලෙස ගම්මට්ටමේ සංවර්ධන රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්යාලවල සේවය කරන නිලධාරීන් ඉලක්ක කරගනිමින් නව සේවා ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක් සකස් කර ඇති බව පැවසූ නියෝජිතයෝ, එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත් ද්විත්වය අනුනාහිමියන් වෙත නිල වශයෙන් පිළිගැන්වීමට පියවර ගත්හ.
Clerical Associations Highlight Governance Failures Affecting Development Officers
The dichotomy between promises made prior to gaining power and the subsequent actions taken once in office has come under scrutiny. This observation was made by Ven. Wimaladhamma Thero, an important figure within the Malwathu Chapter, during a discussion with representatives of development officers’ unions at the Malwathu Maha Viharaya in Kandy.
At the gathering, attendees brought to light the critical issues facing degree-holding professionals employed across state institutions, particularly emphasizing the lost opportunities for promotions and progress in their careers.
Ven. Wimaladhamma Thero pointed out the troubling trend where politicians solicit votes with various pledges and, upon election, neglect all responsibilities, ultimately leading to public hardship. “Every government that has come to power has made promises before gaining authority, but when it comes to fulfilling these commitments, it becomes apparent that they are unable to deliver. Some politicians even propose changes only to deliver far less than promised once in power,” he stated.
He noted the recent situation where, amidst protests demanding employment for degree holders, positions for development officers were created almost immediately. This ad-hoc approach lacks a cohesive strategy and has resulted in unfair treatment of these officials, with some facing arbitrary retirement after many years of service, unlike their peers in government service who benefit from promotions over time.
Emphasizing the need for a structured progression pathway for development officers akin to other sectors, Ven. Wimaladhamma Thero branded the lack of clear career advancement protocols as a national crime. He insisted that both the health sector and development officers require robust systems to facilitate promotions and career development opportunities, including competitive examinations for higher positions.
He assured that these critical issues would be brought to the attention of the government and the relevant authorities, in consultation with the high priest of the Asgiriya Chapter and other leaders.
During the meeting, representatives from various development officers’ unions revealed that there are approximately 150,000 degree-holding development officers currently engaged in service across all governmental and local authority sectors.
The representatives further pointed out that despite a service constitution established in 2012, there has been no provision for advancement pathways included, resulting in development officers often facing retirement from the same entry-level positions after 35 to 40 years of service. They highlighted that the absence of decision-making power and administrative authority within the public service has severely hindered their capacity to deliver effective service to the nation.
As a united front of twelve professional unions, they have drafted two proposals for new service constitutions aimed at addressing the needs of field officers and clerical staff. These proposals are now in the process of being officially presented to the relevant authorities for consideration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
