බීමතින් රිය ධාවනය කර රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පොලිස් ඇප මත මුදාහැර තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ දීපාවලි උත්සව දිනය යෙදී තිබූ පසුගිය 08 වැනිදා රාත්රී කාලයේදී කොළඹ, ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික මාරුව මතදීය.
මන්ත්රීවරයා විසින් පදවන ලද ‘ලෑන්ඩ් කෲසර්’ වර්ගයේ ජීප් රථය එහිදී තවත් ජීප් රථයක ගැටී අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරින් රථවාහන දෙකටම අලාභ හානි සිදුව ඇති නමුත් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත.
අනතුර සිදුවීමෙන් අනතුරුව අදාළ පාර්ශ්වයන් කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවා සිදුකරන ලද පරීක්ෂණවලදී, මනෝ ගනේෂන් මහතා බීමතින් රිය පදවා ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්රීවරයා ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී කොළඹ රථවාහන මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
MP Mano Ganesan Released on Bail Following Drunk Driving Incident
Mano Ganesan, the leader of the Tamil Progressive Alliance and a Member of Parliament, has been released on police bail after being arrested for allegedly driving under the influence and causing a traffic accident in Colombo.
According to police reports, the accident occurred on the night of October 8, coinciding with the festival of lights, when Ganesan's vehicle, a 'Land Cruiser' SUV, collided with another jeep near the Presidential Secretary's Office adjacent to the Galadari junction.
While both vehicles sustained damage, fortunately, no injuries were reported. However, following the incident, both parties were summoned to the Fort Police Station for further investigation.
Investigators revealed that Ganesan was driving under the influence at the time of the collision. After providing a statement, the arrested MP was released on bail, but the police are preparing to file charges in relation to the incident at the Colombo Magistrate's Court in the near future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
