කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ හටගත් හදිසි ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
වාර්තා වන අන්දමට මෙම ගින්න හටගෙන ඇත්තේ එම ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ ස්ථාපිත කර තිබූ වායුසමීකරණ පද්ධතියට අයත් සිසිලන කුළුණක (Cooling Tower) ය.
ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවන රථ දෙකක් ක්ෂණිකව එම ස්ථානයට යොමු කර තිබේ. ගිනි නිවන භටයන් දැක්වූ කඩිනම් ප්‍රතිචාරය හේතුවෙන් ගින්න ගොඩනැගිල්ලේ අනෙකුත් කොටස් වෙත පැතිර යාමට ඉඩ නොතබා කෙටි වේලාවක් තුළ සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට හැකි විය.
ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව හෝ ඉන් සිදුවූ අලාභහානිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
Fire at Colombo's Department of Local Revenue Contained
Authorities have confirmed that a fire which broke out at the main office of the Department of Local Revenue in Colombo has been fully extinguished. Both the Fire and Rescue Services and the Department of Local Revenue provided this assurance.
Preliminary reports indicate that the fire started due to an issue with the cooling tower associated with the air conditioning system located on the first floor of the building.
Upon receiving reports of the fire, the Colombo Fire Department promptly dispatched two fire engines to the scene. Thanks to the swift response of the firefighters, the blaze was contained quickly, preventing it from spreading to other parts of the building.
The exact cause of the fire and any resulting damages have not yet been disclosed, with relevant authorities conducting further investigations into the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිනිස්සුන්ට දෙන ගින්නට ඉතින් ගිනි ගන්ඩ එපැයි.....
ReplyDeleteමිනිස්සු සාප කරන නිසා වෙන්න ඇති
ReplyDeleteමෝඩ බයියෝ දන්නේ නැහැ, තමන්ට නොමිලේ අධ්‍යාපනය, නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, නොමිලේ රෝහල් සේවා, නොමිලේ ත්‍රිපෝෂ සහ අස්වැසුම වැනි සහනාධාර ලැබෙන්නේ ජනතාව ගෙවන බදු මුදල් නිසා බව. ඒවා කාගේවත් පෞද්ගලික බූදලයක්වත්, දේශපාලකයන්ගේ සාක්කුවෙන් දෙන දේවල්වත් නෙවෙයි. මේවා ජනතාවගේම බදු මුදලින් පවත්වාගෙන යන මහජන සේවාවන්
ReplyDelete