චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කෙරේ...


 බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට විශේෂ පහසුකම් සලසා දීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව, නඩුවේ සැකකරුවකු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී තහනම් කිරීමට පියවර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ විශේෂ මෝසමක් ගොනු කරමින් අල්ලස් කොමිසම මේ බව වාර්තා කළේය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ (නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද කොමිසම අධිකරණයට වැඩිදුර තොරතුරු අනාවරණය කළේය. 

ඒ අනුව සිද්ධියේ දෙවන සැකකරු වන නීතිඥ රබිත රාජපක්ෂ නමැත්තාට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් මහාධිකරණ නියෝග මත මීට පෙර අත්හිටුවා ඇත.

තුන්වන සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග නමැත්තාගේ පියාට සහ බිරිඳට අයත් වාහන දෙකක් ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාරගතව පසුවන පාතාල කල්ලි සාමාජිකයෙකුට රැඳවුම් භාරයේදී සහ නීතිමය කටයුතුවලදී වරප්‍රසාද ලබාදීමේ පොරොන්දුව මත ඔහුගේ බිරිඳගෙන් මෙම වාර්තාගත කෝටි 12ක මුදල අල්ලස් ලෙස ලබාගත් බවට අල්ලස් කොමිසම මඟින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබිණි. මෙම සිද්ධියට අදාළව චරිත් අබේසිංහ, නීතිඥ රබිත රාජපක්ෂ සහ වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන සැකකරුවන් තිදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, මේ වන විට ඔවුහු ඇප මත මුදාහැර සිටිති.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව ලබන මස 08 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.





High-Profile Bribery Case Involves Seizure of Luxury Assets

In a significant development regarding a bribery case connected to an organized crime figure, the Commission to Investigate Allegations of Bribery or Corruption has informed the Colombo Chief Magistrate's Court of steps taken to confiscate luxury assets belonging to Charith Abeysinghe, one of the accused. The case centers around alleged acceptance of a bribe totaling Rs. 12 million from the suspect’s wife in exchange for special concessions while he was incarcerated.

This revelation was made today before Chief Magistrate Asanga S. Bodaragama during a special hearing filed by the Bribery Commission.

Representing the Commission, an Assistant Director presented details to the court, asserting that measures have been taken to freeze the assets in accordance with the provisions of the law pertaining to the offense charged under case number 2025.

Further legal actions regarding the other suspects involved in the case were also disclosed. Notably, several luxury vehicles and four bank accounts belonging to the second suspect, Attorney Rabith Rajapaksa, have already been frozen under an order from the High Court.

Additionally, vehicles belonging to Aruna Chathuranga, the third suspect, who is reportedly linked to a notorious gang member, have also been subjected to seizure.

The Bribery Commission alleged that the sum of Rs. 12 million was accepted as a bribe from Abeysinghe’s wife, under the pretext of ensuring favours during his detention and in ongoing legal proceedings. Both Abeysinghe, Rajapaksa, and Chathuranga were previously arrested and have since been released on bail.

Taking all these findings into account, Chief Magistrate Bodaragama has scheduled the case for further proceedings on September 8.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post