ලාෆ්ස් සමාගම විසින් සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ බලධාරීන් කැඳවා තිබුණ ද, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නොමැති බව ‘ද ඩේලි මෝනිං’ පුවත්පත වාර්තා කරයි.
ගෘහස්ථ ගෑස් යළිත් උපරිම සිල්ලර මිල නියාමන රාමුව යටතට පත් නොකරන තාක් දුරට මෙවැනි මිල සංශෝධනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව එම වාර්තාවේ සඳහන් වේ.
‘ද ඩේලි මෝනිං’ පුවත්පත වෙත අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. කේ. කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, අධිකාරියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැක්කේ වෙළෙඳපොළ තුළ ගෑස් අඛණ්ඩව සැපයීම සහ ලබාගත හැකිභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් බවත්, මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් නොවන බවත්ය.
මිල සංශෝධනයක් සිදු කිරීමට පෙර සමාගම් ඒ පිළිබඳව අධිකාරිය වෙත දැනුම් දීමට බැඳී සිටිය ද, එම වැඩිවීම නතර කිරීමට හෝ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකාරියට බලයක් නොමැති බව ඇය පෙන්වා දී තිබේ.
අධිකාරියට කළ හැක්කේ අදාළ මිල වැඩිවීම සාධාරණ ද නැද්ද යන්න පිළිබඳව මතය ප්‍රකාශ කිරීම පමණක් බව පෙන්වා දුන් අධ්යක්ෂ ජනරාල්වරිය, පාරිභෝගිකයන් වෙනුවෙන් ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් ලාෆ්ස් සමාගමට එරෙහිව මීට පෙර නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සිහිපත් කළාය.
පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, යම් භාණ්ඩයක් උපරිම සිල්ලර මිලක් සහිත අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ පවතින අවස්ථාවකදී එය නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන්නේ නම් පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි. කෙසේ වෙතත්, පසුගිය 2023 වසරේදී ගෘහස්ථ ගෑස් එම උපරිම සිල්ලර මිල පාලන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බැවින්, සමාගම් විසින් මිල ඉහළ දැමීමේදී ඊට එරෙහිව පියවර ගැනීමට නෛතික ප්‍රතිපාදන නොමැත.
එසේ වුවද, සිදුකර ඇති මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලාෆ්ස් සමාගමේ නිලධාරීන් අද (16) අධිකාරිය හමුවට කැඳවා ඇත.
පසුගිය නොවැම්බර් 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් සමාගම සිය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දැමීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා රුපියල් 6,740ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා රුපියල් 2,720ක් ලෙසත් සංශෝධනය කෙරිණි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම, නෞකා ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ වියදම් ඉහළ යාම හමුවේ ආනයන වියදම් පියවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව සමාගම සඳහන් කර තිබේ.
Consumer Authority Unable to Challenge Lafse Gas Price Hike
The Lafse company faces scrutiny as it significantly raises residential gas prices. However, a report from 'The Daily Morning' reveals that the Consumer Affairs Authority lacks the legal means to take action against this increase.
As long as residential gas prices are not reclassified under maximum retail price regulations, the authority cannot enforce the law against such price alterations. The Director General of the Consumer Affairs Authority, S.K. Karunaratna, emphasized that legal recourse can only be pursued if there are concerns about the continuous supply and accessibility of gas in the market, not specifically regarding price hikes.
While companies are required to notify the authority before making any price adjustments, they cannot halt the increase or take legal action against it, as clarified by Karunaratna. She pointed out that the authority's role is limited to expressing opinions on whether the price hikes are justified and recalled that the Lafse company has faced previous legal actions for failing to maintain adequate stock levels for consumers.
A spokesperson for the Consumer Affairs Authority further clarified that legal action is permissible only when essential items, included in the maximum retail price list, are sold above the stipulated price. However, since residential gas was removed from this regulatory list in 2023, the authority has no legal grounds to oppose price increases implemented by companies.
In response to the recent price rise, officials from Lafse have been summoned to meet with the authority today, the 16th, to clarify the situation further.
Lafse raised its prices considerably on November 13, implementing changes from midnight. This adjustment included increasing the price of a 12.5 kg gas cylinder by Rs. 1,775 to Rs. 6,740 and a 5 kg cylinder by Rs. 732 to Rs. 2,720. The company stated that this decision was made in light of rising global gas prices, higher shipping costs, and insurance expenses, as well as to manage import expenditure effectively.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
