පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය හා පරිපාලනමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියැදුරන් දෙදෙනෙකුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අල්ලස් කොමිසම කළ දැනුම්දීමට අනුව පසුගිය 19 වැනිදා පෙරවරු 9.00ට එහි පෙනී සිටි කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ එක් රියැදුරෙකුගෙන් දහවල් 12.00 දක්වා පැය තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
මීට අමතරව, එම විමර්ශනයටම අදාළව කථානායක කාර්ය මණ්ඩලයේ තවත් රියැදුරෙකු කැඳවා පසුගිය 18 වැනිදා ද පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කරගෙන තිබිණි.
මෙම පරීක්ෂණයේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ පාර්ලිමේන්තුව සතු NC 4923 දරන නිල රථය භාවිත කිරීම සහ එහි සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙනි.
එකී රථය නිල වශයෙන් භාරගැනීම, රාජකාරි සඳහා යොදවා ගැනීම, ධාවන සටහන් මෙන්ම මෙම වසරේ ජනවාරි 07 වැනිදා එම රථය මුහුණ දුන් රිය අනතුරකට අදාළ සියලු ලේඛන රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අදාළ රියැදුරන් දෙදෙනාට විමර්ශන නිලධාරීන් නියෝග කර තිබිණි.
කථානායකවරයාට එරෙහි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනත ප්‍රකාරවය.
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලක් පදනම් කරගනිමින් මෙම පුළුල් පරීක්ෂණය ක්‍රියාත්මක වේ.
Investigation into Allegations of Corruption Against Speaker Jagath Vikramarathne Intensifies
Ongoing investigations related to financial and administrative corruption allegations against Speaker of Parliament Jagath Vikramarathne have led to extensive questioning of two drivers from his personal staff by the commission probing corruption charges.
According to the Commission to Investigate Allegations of Bribery or Corruption, on the morning of the 19th, the Speaker appeared before the commission, where one of his drivers was interrogated for nearly three hours, until noon.
Additionally, another driver from the Speaker's staff was summoned and questioned for approximately four hours on the 18th, with detailed statements recorded as part of the investigation.
The primary focus of this inquiry is the use of the official vehicle, registered as NC 4923, attached to the Parliament, and allegations regarding irregularities involving that vehicle.
The commission has directed both drivers to present all relevant documents concerning the official handover, usage records, and details related to a road accident involving the vehicle on January 7 of this year.
This investigation was initiated as per the new anti-corruption law, No. 09 of 2023. It is based on a written complaint submitted to the commission by Chaminda Kulaaratne, the former Deputy Secretary General and Chief of Staff of Parliament, on February 2.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
