තමන් වෙත නීත්‍යනුකූලව හිමිව තිබූ වරප්‍රසාද රැසක් ප්‍රතික්ෂේප කරමින්, ඒ හරහා ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 88.7 කට අධික මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගත් බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ජාතික ජන බලවේග රජයේ මැතිඇමතිවරුන් මහජන මුදල් අවභාවිතයෙන් තොරව ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී සිටින බවයි.
එහිදී තමන් වෙත හිමිව තිබූ පහසුකම් කප්පාදු කළ ආකාරය පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස මට හිමිව තිබූ ලෑන්ඩ් කෲසර් රථය, පෞද්ගලික රියැදුරු පහසුකම මෙන්ම මාසිකව ලැබෙන ලීටර් 300ක ඉන්ධන දීමනාවද මා ප්‍රතික්ෂේප කළා. පසුගිය පාලන සමයන්හිදී අමාත්‍යාංශයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද එකවර ඉන්ධන දීමනා ලබාගැනීමේ දූෂිත ක්‍රමවේදයක් පැවතුණා. අප එම අනවශ්‍ය දීමනා සහ ඉතිරි වන සංචාරක වියදම් යළි භාණ්ඩාගාරයට භාර දුන්නා. ඒ අනුව මට නිල වශයෙන් භුක්ති විඳීමට තිබූ රුපියල් ලක්ෂ 88.7 කට අධික මුදලක් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉතිරි කර දීමට මට හැකිවුණා."
රාජ්‍ය සම්පත් කොල්ලකෑම හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාරගත වන ඇතැම් දේශපාලනඥයන්, තමන්ව නෙල්සන් මැන්ඩෙලා වැන්නවුන්ට සමාන කරගැනීම උපහාසාත්මක බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ මීට පෙර දකුණු අප්‍රිකාවේ පැවති රාජ්‍යතාන්ත්‍රික සංචාරයකදී නෙල්සන් මැන්ඩෙලා සිරගතව සිටි සිරකුටිය නැරඹීමට ගිය අවස්ථාව සිහිපත් කළ හෙතෙම, මැන්ඩෙලා සිරබත් කෑවේ ජනතාව වෙනුවෙන් කළ අරගල නිසා මිස මහජන ධනය සොරකම් කර හසුවීමෙන් නොවන බව අවධාරණය කළේය.
දේශීය අපනයනකරුවන් හා ව්‍යාපාරිකයන් මුහුණ දෙන නිලධාරිවාදී බාධා ඉවත් කිරීම සඳහා වන 'ජාතික තනි කවුළු වේදිකාව' 2027 වසර වන විට සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 1993 වසරේ සිට සාකච්ඡා වෙමින් පැවති මෙම වැඩසටහන පසුගිය පාලකයන්ගේ හිතවත්කම් සහ නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා වසර ගණනාවක් ඇණහිට තිබූ බවත්, සිංගප්පූරුව වැනි රටවල් විනාඩි 10ක් තුළ සිදුකරන වෙළෙඳ නිෂ්කාශන කටයුතු මෙරට තුළද කඩිනමින් යථාර්ථයක් කරන බවත් හෙතෙම කීය.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල්, රෝහල්, මාර්ග පද්ධති මෙන්ම 'ප්‍රජා ශක්ති' ව්‍යාපෘතිය හරහා දිළිඳුකම තුරන් කිරීමටද මෙම අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Deputy Minister Arun Hemachandra Highlights Responsible Fiscal Measures in Parliament
During a parliamentary session, Deputy Minister of Foreign Affairs and Foreign Employment, Arun Hemachandra, disclosed that he has refused multiple privileges and returned over 88.7 million rupees to the national treasury as a result. This measure reflects a commitment to prevent the misuse of public funds and foster a culture of accountability within the current government.
Engaging in the budgetary committee discussions, Hemachandra emphasized the dedication of the national unity government ministers to establishing a transparent political culture devoid of financial improprieties.
The Deputy Minister explained the specific allowances he turned down, including a land cruiser vehicle, a personal driver, and a monthly fuel allowance of 300 liters. He pointed out that previous administrations had a corrupt practice of simultaneously accessing fuel grants from both ministries and the parliament. As part of the initiative to eliminate unnecessary perks, he successfully redirected these resources back to the treasury, effectively saving the country's economy substantial funds.
Responding to criticisms directed at politicians accused of misappropriating state assets and financial fraud, Hemachandra highlighted the absurdity of comparing these individuals to Nelson Mandela. Recalling a prior visit to a prison cell in South Africa, where Mandela was held for his fight for justice, he clarified that Mandela’s incarceration was due to his struggle for the people, not for the theft of public wealth.
Additionally, Hemachandra announced the establishment of a 'National Single Window' platform by 2027 to eliminate bureaucratic barriers faced by local exporters and entrepreneurs. This long-discussed initiative, which dates back to 1993, has faced delays due to a lack of political support and proper policies, contrasting with countries like Singapore where trade procedures are accomplished in just ten minutes.
Furthermore, he noted that significant allocations in the budget are earmarked to alleviate poverty through various projects in the Trincomalee District, focusing on schools, hospitals, and road systems, as well as the 'Community Power' initiative.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
