ලාල් කාන්ත ගෙදර යන්න සූදානමින්...


පෙර පැවති පාලකයන් මෙන් සදාකාලිකව බලයේ රැඳී සිටීමේ අරමුණින් තමන් කටයුතු නොකරන බවත්, මැතිවරණයකදී ජනතාව එපා යැයි තීන්දු කරන ඕනෑම මොහොතක ගෙදර යෑමට සූදානමින් යුතුව වත්මන් ආණ්ඩුව වැඩකරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා වන්ට පොලිසිය යෙදවීම පිටුපස තමන් සිටින බවට එල්ල වන දේශපාලන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පවත්වන ලද සත්‍යග්‍රහ ක්‍රියාමාර්ග සඳහා බාධා කිරීමට අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ කණ්ඩායම් විසින් පුද්ගලයන් යොමු කරන බවට එල්ල වන ප්‍රචාර පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා එම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

එවැනි ක්‍රියාවන් සඳහා තම කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසූ ඒ මහතා, එවැනි පදනම් විරහිත කටකතා සොයා බැලීමට හෝ ඒවා සැලකිල්ලට ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බව ද කියා සිටියේය.

"මේ රටේ ජනතාවට අපිව කොයි වෙලාවෙද ඕන නෑ කියලා හිතෙන්නේ මැතිවරණයකදී, අන්න ඒ මොහොතේ අපි යන්න ලෑස්තියි. අපි යන්න බලාගෙන තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව පෙර ආණ්ඩු කළා වගේ සදාකල් බලයේ ඉන්න බලාගෙන නෙවෙයි වැඩ කරන්නේ. අටමස්ථානයේ සිදු වූ දේවල් හෝ පසුගිය දිනවල කොළඹ ඇති වූ සිදුවීම් සියල්ල ශක්තිමත් විපක්ෂයක් රට තුළ නොමැතිවීමේ හිස්තැන පිරවීමට සිදුවන සුළු සිදුවීම් පමණයි," යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Minister Alleges Current Government Prepares for Possible Elections

In a candid address, Minister of Agriculture, Livestock, Land, and Irrigation, K.D. Lal Kantha, emphasized that the present government is not engaged in any activities aimed at clinging to power indefinitely. Instead, he asserted that the administration stands ready to face the electorate should the public decide to reject it in an upcoming election.

Responding to pressing inquiries from journalists regarding political allegations suggesting police involvement against protesting monks, the Minister clarified his position on the matter.

Amidst allegations that his teams are directing individuals to obstruct peaceful protests organized by a group of monks, Lal Kantha firmly denied these claims. He dismissed any connection to such actions and expressed his unwillingness to entertain baseless accusations.

"We operate with the understanding that the public may call for our departure at any time, particularly during elections; we are prepared for that moment. Unlike previous governments that sought to maintain power indefinitely, we are focused on our responsibilities while being ready to step away if necessary. Recent incidents related to protests in Colombo are merely minor events driven by the absence of a strong opposition in the country," he reiterated.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post