රන්ජන් ජයලාල්ගෙ අල්ලස් චෝදනාව ගැන පක්‍ෂය ඇතුලේ විනය පියවර ගන්නවා..- නලින්ද


 කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් තෑගි හෝ වරප්‍රසාද ඉල්ලා ඇතැයි කියන සිදුවීම පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශය පරීක්ෂා කර බලා, වරදක් සිදුව ඇත්නම් පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කඩුවෙල ප්‍රදේශයේ කර්මාන්තශාලා හා ව්‍යාපාරික ස්ථානවලින් වසර අවසානයේ ලබාදෙන තෑගි මලු හෝ ලාභාංශ ඉල්ලා සිටීම 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් බවත්, එය වත්මන් ආණ්ඩුව ගෙනයන ප්‍රතිපත්තිවලට මෙන්ම ප්‍රතිරූපයට ද දැඩි හානියක් බවත් මාධ්‍යවේදියා මෙහිදී පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, රජය නියෝජනය කරන කිසිදු අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, නගරාධිපතිවරයෙකු හෝ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අල්ලස හෝ දූෂණය සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවන බවයි.

යම් හෙයකින් එවැනි ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කර ඇත්නම් එය සදාචාර විරෝධී බව පිළිගත් අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ වීඩියෝ පටයේ ඇතැම් කොටස් කපා ඉවත් කර ඇති බව පෙනෙන්නට තිබෙන බැවින් රන්ජන් ජයලාල් මහතා සැබවින්ම අදහස් කළේ කුමක්ද යන්න පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශය විමර්ශනය කළ යුතු බව පැවසීය.

යම් හෙයකින් මේ පිළිබඳව නිල පැමිණිල්ලක් ලැබුණහොත් හෝ වරදක් අනාවරණය වුවහොත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පරිබාහිරව පක්ෂ අභ්‍යන්තරයෙන් ද විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.





Cabinet Spokesperson Responds to Allegations Against Kadawela Mayor

Amid rising concerns regarding allegations that Kadawela Municipal Chief Ranjan Jayalal solicited gifts or favors from local business owners, Cabinet spokesperson and Minister of Health and Media, Dr. Nalinda Jayatissa, indicated a commitment to thoroughly investigate the matter. He emphasized that any wrongdoing would prompt serious internal disciplinary actions within the party.

Speaking during a media briefing at the Government Information Department to announce recent cabinet decisions, the minister addressed questions raised by journalists regarding the claims against the mayor. Jayatissa pointed out that soliciting year-end gifts or bonuses from industrial and business establishments within the Kadawela area constitutes an offense under the Anti-Corruption Act No. 9 of 2023. He noted that such actions could severely tarnish both the policies of the current government and its public image.

In his remarks, Dr. Jayatissa underlined that no minister, deputy minister, mayor, or local council chairperson representing the government should ever be associated with bribery or corruption. He described the nature of the reported request as unethical and stressed that certain segments of the relevant video circulating on social media may have been selectively edited, necessitating a comprehensive review of the complete statement made by Mayor Ranjan Jayalal.

He further asserted that if any formal complaints were lodged or if wrongdoing was uncovered, the party would take prompt disciplinary action beyond the scope of the Commission to Investigate Allegations of Bribery or Corruption, ensuring accountability within their ranks.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post