මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පූජනීය භූමි භාගයේදී, අභාවයට පත් ‘කාවන්තිස්ස’ හස්තියා සිහිපත් කරමින් පහන් දැල්වීමට පැමිණි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
‘පරිසර සුරැකුම් හා විද්‍යා ගවේෂණ සංවිධානය’ විසින් විශාල ප්‍රමාණයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි.
කෙසේ වෙතත්, අදාළ පූජනීය පරිශ්‍රය තුළ එවැනි සැමරුමක් පැවැත්වීම සඳහා අවසර ලබා දිය නොහැකි බව පොලිස් නිලධාරීන් විසින් සංවිධායකයන් වෙත දැනුම් දී තිබේ.
පොලිසියේ දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් ඉවත් වූ සංවිධායකයන් ඇතුළු පිරිස, ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන් සහ මහජනතාව වෙත විවිධ වර්ගයේ පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහනක් පවත්වා නිම කිරීමට කටයුතු කර ඇ.
මෙරට වනාන්තර පද්ධතිය තුළ සැරිසැරූ දැවැන්තම මෙන්ම උසින් වැඩිම දළ ඇතා ලෙස ප්රකටව සිටි ‘කාවන්තිස්ස’ හස්තියා, එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඔක්තෝබර් මාසයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.
මෙම හස්තියාගේ මරණයත් සමඟ මෙරට වන අලි සම්පත රැකගැනීම, වනජීවී අපරාධ වැළැක්වීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම පොදු මහජනතාව අතර ද කතාබහක් සහ සංවේදීතාවක් නිර්මාණය විය
Police Disperse Gathering Commemorating Late 'Kavanthissa' Elephant in Kandy
In a somber tribute to the late 'Kavanthissa' elephant, a group gathered at the revered Sri Dalada Maligawa in Kandy to light lamps in remembrance. However, local police intervened, dispersing the crowd from the historic site.
The memorial event was organized by the 'Environmental Conservation and Scientific Research Organization,' which displayed a large banner to mark the occasion.
Despite the intent of the gathering, police officials informed organizers that such commemorations were not permitted within the sacred premises.
Following the police notification, the organizers, along with devotees who came to pay their respects, shifted their focus to distributing various fruits to the public and fellow worshippers as a gesture of goodwill.
The much-loved 'Kavanthissa,' known as one of the largest and tallest elephants in Sri Lanka's forest system, tragically succumbed to injuries sustained from a gunshot wound while receiving treatment last October.
His death sparked discussions and heightened sensitivity among environmentalists and the public regarding the preservation of Sri Lankan elephants, prevention of wildlife crimes, and the enforcement of laws against those responsible.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
