දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීම උදෙසා සීනි සඳහා පැනවූ රුපියල් දහයක (10) බද්ද හැරෙන්නට වත්මන් රජය විසින් අලුතින් පනවන ලද වෙනත් කිසිදු බද්දක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විපක්ෂයට අභියෝග කළේය. ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.
දේශීය සීනි සඳහා එකතු කළ අගය මත වන බද්ද (VAT) අදාළ වුවද ආනයනික සීනි සඳහා එම බද්ද ක්‍රියාත්මක නොවීම නිසා වෙළෙඳපොළ තුළ බරපතළ විෂමතාවක් නිර්මාණය වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කරගනිමින් එම අසමතුලිතතාව නිවැරදි කිරීම සඳහා ආනයනික සීනි මත රුපියල් 10 ක විශේෂ බද්දක් පැනවීමට රජයට සිදුවූ බව පැහැදිලි කළේය.
මෙවර ඉදිරිපත් කරන ලද අයවැය ලෝක ප්‍රජාවගේ සහ ජාත්‍යන්තර සංවිධානවල පවා ඇගයීමට ලක්වූ සවිමත් වැඩපිළිවෙළක් බව සඳහන් කළ ඒ මහතා, රජයේ ප්‍රතිපත්තිමය ජයග්‍රහණ හමුවේ දේශපාලනිකව අතරමං වූ විපක්ෂයට දැන් කතරගම ගොස් පොල් ගැසීමට සිදුව ඇතැයිද උපහාසාත්මකව සඳහන් කළේය.
තවද, කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් ඉහළ නැංවීමට රජය පියවර ගත් බවත්, මෙය රාජ්‍ය සේවකයන්ට ලබාදුන් අවසන් වැටුප් හෝ දීමනා වැඩිවීම නොවන බවත් ඔහු සිහිපත් කළේය.
රජය බලයට පත්ව ගතවූ වසර දෙකක කෙටි කාලය තුළ ඉදිරිපත් කළ තුන්වන අයවැය මෙය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහා භාණ්ඩාගාරයේ ඉතිරි කරගත් මහජන මුදල් සෘජුවම සහන ලෙස ජනතාව වෙත ලබාදෙමින් සිටින බව පැවසීය.
විශේෂයෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට රුපියල් මිලියන 800 ක මූල්‍ය පාඩුවක් රජය විසින් දරාගනිමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,400 ආසන්න මට්ටමක පවත්වාගෙන යන බවත් ඉන්ධන, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, මාර්ග සංවර්ධනය, වතු කම්කරු වැටුප් මෙන්ම 'අස්වැසුම' සුබසාධක දීමනා හරහා ජනතාවට දිය හැකි උපරිම මූල්‍ය සහන ලබාදී ඇති බවත් ඇමැති වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Challenges Opposition on Domestic Sugar Tax Policy
The Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe, has urged the opposition to reveal any other taxes imposed by the current government, aside from the recently implemented Rs. 10 tax on sugar. Speaking at a media briefing held in the National People's Power headquarters, the Minister emphasized the government's commitment to support local industries.
Samarasinghe pointed out that while a Value Added Tax (VAT) applies to local sugar, the exemption for imported sugar has created a significant imbalance within the market. He clarified that to correct this disparity and safeguard the domestic sugar industry, the government felt compelled to levy a special Rs. 10 tax on imported sugar.
Highlighting the strengths of the current budget presented this year, he noted that it has garnered recognition from international communities and organizations. In a sarcastic tone, he remarked that the opposition, which has found itself politically stranded due to the government’s policy successes, might now be seeking to engage in unrelated discussions, even making trips to Kataragama.
Furthermore, the minister revealed that the government has taken steps to increase salaries across the entire public service, from office assistants to ministry secretaries. He reminded the audience that this is not merely another increment in salaries or benefits provided to state employees.
This marks the third budget presentation since the government took office two years ago, indicating the responsible handling of public finances. The minister mentioned that the remaining public funds saved in the treasury are being directly distributed to the people as relief.
Notably, since the previous November, the government has absorbed a financial loss of Rs. 800 million while maintaining the price of domestic gas cylinders at around Rs. 4,400. The minister reiterated the government's commitment to providing maximum financial relief to the public across various sectors, including fuel, electricity, health, education, road development, and plantation worker wages, as well as through the 'Subsidy' welfare benefits.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This comment has been removed by the author.
ReplyDeleteබැංකු පොලියට ගහන 10% බද්ද, වාහන වල ඇන්ජිම ට ගහන බද්ද සහ අධිභාර බද්ද, තව හංගලා ගහපු බදු තියෙනවා.
ReplyDeleteතියෙන බදු වැඩි කරාමත් බද්ද අලුතෙන් ගැහුවා වගේ තමයි බොල වපරයෝ.ආ තව අලුතෙන් ගෙන්නන වාහන වලට මාස තුනකට විතරක් ගහනවා කියපු දැන් දික් කර කර අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අලුතෙන් ගෙන්නන වාහන වලට ගහන බද්ද. ඒක අළුත්ම එකක්.
ReplyDeleteතොගෙ අ... පාහර, ත්‍රස්තවාදී ජෙප්පා 🤮🤮🤮 වපර, කප්පම් වස්සා 🤮🤮🤮 මුන්ට පවට ඇති භය කෙසේ වෙතත් කිසිම ලජ්ජාවක් නෑ, මුන් ඇඳගෙන ඉන්න යට ඇඳුමේ ඉඳලා පරිහරණය කරන හැම දෙයක්ම, ගෑණිගේ සිට වැටුපෙන් පවුලේ හැමෝටම කන්න බොන්න දෙන්නේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි වලින් ජනතා රීරි මාංශ සූරා ගන්නා නානාවිධ බදු වලින් කියලා 🤮 මේ කාලකණ්නි, වැඩ බැරි, කල්ලතෝනි ආණ්ඩුව ජනතාවගේ රීරි මාංශ සූරාගෙන අසීමාන්තිකව රැස්කරගන්නා බදු මුදල් වලින් කියලා. තොපිට සාප වෙනවා ඔය කියන කරන බොරු වල හැටියට. වංචා, දූෂණ, තරාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා වල හැටියට 😡😡😡🤮🤮🤮
ReplyDelete