කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් රැසක වසර දෙකක පමණ කාලයක් තිස්සේ “ගෝස්’’ නොමැති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුනආරච්චිගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවැත්විණි.
මෙහිදී, කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ කියා සිටියේ වසර දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රාදේශීය රෝහල්වල තුවාලවලට බෙහෙත් දැමීමේදී යොදාගන්නා ගෝස් නොමැති බවය.
අතුරුගිරිය, තලංගම, නවගමුව ආදී ප්‍රාදේශීය රෝහල්වල ගෝස් හිඟය දැඩි ලෙස පවතින බවත්, තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට ඒවා බාහිරින් රැගෙන එන ලෙස රෝගීන්ට දැනුම්දීමට රොහල් කාර්ය මණ්ඩලවලට සිදුවී තිබෙන බවත් මන්ත්‍රිවරයා පැවසීය.
මෙහිදී, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ ඉදිරි දිනවලදී රෝහල්වලට වෛද්‍ය සැපයුම් අංශයෙන් ගෝස් ලැබීමට නියමිත බවය.
වෛද්‍ය සැපයීම් අංශයේ අනුමැතියකින් තොරව ප්‍රාදේශීය රෝහල්වලට මිලදී ගැනීම් සිදු කිරීමට නොහැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. ප්‍රාදේශීය රෝහල්වලට මිලදී ගැනීමේ සීමාව 150,000 ක් පමණක් බවද ඔවුහු කියා සිටියහ.මේ නිසා රෝහලකට සැපයීමට හැකි වන්නේ ගෝස් රෝල් 100 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඔවුහු පැවසූහ.
සාලිය කුමාර ගුණසේකර
Colombo District Faces Two-Year Shortage of Essential Medical Supplies
Local hospitals in the Colombo District have been severely impacted by a two-year shortage of gauze, a critical medical supply for treating wounds. This alarming revelation emerged during a coordination committee meeting for the Colombo District, chaired by Parliamentarian Lakshman Nipunaarachchi at the District Secretary's office.
Asitha Nerošan, the chairman of the Kaduwela local coordination committee, disclosed that the absence of gauze has created significant challenges in providing necessary medical care to patients with injuries. He emphasized the detrimental effects this shortage has had on hospitals, specifically those in areas such as Athurugiriya, Talangama, and Navagamuwa.
Reports indicate that hospital staff have been forced to instruct patients seeking treatment for their injuries to bring their own gauze, highlighting the persistent crisis affecting essential healthcare services.
However, officials from the Colombo District Health Services assured that gauze supplies from the medical supplies division are expected to arrive soon. They cautioned that local hospitals are unable to make purchases without prior approval from the medical supplies division, with a purchasing limit set at approximately 150,000 LKR. This restriction means that hospitals can only obtain a minimal quantity of gauze rolls, further exacerbating the situation.
The ongoing crisis in medical supply availability calls for urgent attention to ensure that local healthcare facilities can adequately meet the needs of their patients.
By: Salya Kumara Gunasekara
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Punarudaya 😀
ReplyDeleteහැමදේම නිකම් දෙන්න ඕනෑද?
ReplyDeleteනිකම් රෝහල්, නිකම් පොත්, නිකම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, නිකම් ත්‍රිපෝෂ, නිකම් පඩි, නිකම් විශ්‍රාම වැටුප්, අස්වැසුම, පොහොර සහනාධාර, මහපොළ, නිකම් පාසල් අධ්‍යාපනය...
සල්ලිවලට sex ( SPA) විතරක් කරන්නද ලංකාවේ මිනිස්සු හුරු වෙලා ඉන්නේ?
රජයෙන් ලැබෙන සහනවල වටිනාකම තේරුම් ගන්න. ඒවා මහජන මුදල් බවත්, ඒ වෙනුවෙන් රටේ ආර්ථිකයට තමන්ගේ වගකීම ඉටු කළ යුතු බවත් අමතක කරන්න එපා.
රටට බරක් වන හිඟන ජාතියක් නොවී, රටට බරක් නැතිව රට ගොඩනඟන වගකීම් සහගත ජාතියක් වෙමු!