නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන නොවැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෝටර් රථ වාහන ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහනයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබිණි. එම චෝදනාවලට අදාළව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් ඔක්තෝබර් මස 28 වැනිදා අධිකරණය හමුවේ විවෘතව වරද පිළිගත්තේය. ඒ අනුව ඔහුට අදාළ දඬුවම නියම කිරීම අද දිනට නියමිතව තිබුණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තිකරු චෝදනාවලට වරද පිළිගෙන ඇති බැවින් නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති අදාළ සුඛෝපභෝගී මෝටර් රථය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා පෙර නඩු දිනයේදීම වරද පිළිගැනීමට එකඟතාව පළ කළ බව අධිකරණය හමුවේ සඳහන් කළේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කිරීම සහ වාහනය සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබීය.
Court Delays Sentencing for Former Minister Johnston Fernando
The Colombo Fort Magistrate's Court has postponed its decision regarding sentencing for former minister Johnston Fernando, who admitted to charges related to the illegal possession and use of a luxury vehicle. The new date for the hearing has been set for November 25.
This directive was issued by Acting Magistrate Kingsley Hettiarachchi. Fernando has faced three charges, including the unlawful assembly of a vehicle, under the Motor Vehicles Act. The Criminal Investigation Department filed these charges against him after he openly acknowledged his guilt in court on October 28.
During the proceedings, the State Counsel representing the Attorney General and the Criminal Investigation Department requested that the luxury vehicle, which has been seized as evidence, be forfeited to the state, given the defendant's admission of guilt.
In a statement, President's Counsel Sampath Mendis, who appeared on behalf of Fernando, confirmed the defendant's willingness to accept responsibility as indicated during the previous court date.
After considering the submissions from both parties, the acting magistrate decided to defer the sentencing and the order regarding the vehicle until November 25.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
