IOC සුපර් ඩීසල් 570යි... පෙට‍්‍රල් 495යි..


 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද මාසික ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව, දිවයින තුළ ක්‍රියාත්මක ලංකා අයි.ඕ.සී. (LIOC) සමාගම ද සිය ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූල වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

මීට අමතරව, ලංකා IOC සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 30 කින් පහත දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 570 ක් වශයෙනි. 

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, එය පැවති පරිදිම රුපියල් 495 ක නොවෙනස් මිලකට අලෙවි කෙරෙනු ඇත.





Fuel Prices Adjusted by LIOC Following Monthly Review by Ceylon Petroleum Corporation

The Lanka IOC PLC has announced a revision in its retail fuel prices, aligning with the recent adjustments made by the Ceylon Petroleum Corporation (CPC). This change comes as part of the monthly fuel price review conducted by the regulatory body.

In accordance with the CPC's price revision, the prices for Octane 92 petrol and auto diesel have been officially adjusted. Notably, the price of Lanka IOC’s Super Diesel has seen a decrease of Rs. 30 per liter, bringing the new price to Rs. 570.

However, there has been no alteration in the price of Octane 95 petrol, which remains unchanged at Rs. 495 per liter, continuing to be available at the existing rate.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post