ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීමට පියවර...


 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනට ක්‍රියාත්මක වන ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරී කමිටුවක් පත් කර ඇති බව Sunday Island පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙරට ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ මූලික අරමුණින් දැනට පවතින වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීමට මෙන්ම සෙසු රටවල් සමඟ නව ගිවිසුම්වලට එළැඹීමට ද රජය සක්‍රියව කටයුතු කරමින් සිටින බවයි.

ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීමේ හැකියාව විමර්ශනය කිරීම සඳහාම මෙම විශේෂ නිලධාරී කමිටුව පත් කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

ඉන්දියාවට අමතරව චීනය සමඟ ද නව නිදහස් වෙළෙඳ ගිවිසුමකට (FTA) එළැඹීමේ සාකච්ඡා රජය විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතින බව එම වාර්තාව සඳහන් කරයි. එමෙන්ම, ලොව විශාලතම වෙළෙඳ කලාපයක් වන ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට’ එක්වීම සඳහා ද ශ්‍රී ලංකාව මේ වන විටත් නිල වශයෙන් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.

මීට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට එළැඹීමට ද රජය අපේක්ෂා කරන අතර, විධිමත් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් රටවල් සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර, යුරෝපා සංගමයේ රුපියල් මිලියන 3,430ක ප්‍රදාන ආධාර යටතේ ‘ශ්‍රී ලංකා - යුරෝපා සංගම් තිරසර වෙළෙඳ සහ ආර්ථික ඒකාබද්ධතා ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙරට අපනයන නිෂ්පාදනවල ගෝලීය තරගකාරිත්වය ඉහළ නැංවීම, මෙරට අපනයන පදනම විවිධාංගීකරණය කිරීම, පරිසර හිතකාමී සහ තිරසර නිෂ්පාදන ප්‍රවර්ධනය මෙන්ම යුරෝපා වෙළෙඳපොළ සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වේ.





Sri Lanka Expands Trade Agreement with India and Pursues New Bilateral Deals

The Sri Lankan government is intensifying efforts to expand the existing bilateral free trade agreement with India, appointing an official committee to study and propose recommendations for this initiative, as reported by Sunday Island.

During a budget presentation to Parliament, President Anura Kumar Dissanayake emphasized that the government is actively working to strengthen international trade relations. This includes updating existing trade agreements and pursuing new pacts with various countries.

The establishment of the special committee aims to explore the potential for further expansion of the free trade agreement with India, as highlighted by the President.

In addition to India, discussions for a new free trade agreement with China are ongoing, indicating the government's proactive approach in bolstering trade ties. Furthermore, Sri Lanka has officially applied to join the Regional Comprehensive Economic Partnership (RCEP), which is regarded as the largest trade bloc in the world.

Simultaneously, the government is looking to enter into a comprehensive economic partnership agreement with the United Arab Emirates, with plans for new trade agreements with additional countries following thorough capacity studies, as reiterated by the President.

Moreover, a significant European Union grant amounting to Rs. 3,430 million is set to support the implementation of the “Sri Lanka-European Union Sustainable Trade and Economic Integration Project.”

The primary goals of this project include enhancing the global competitiveness of Sri Lankan exports, diversifying the export base, promoting environmentally friendly and sustainable production, and further strengthening ties with the European market.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මේවාට විරුද්ධව ඒ දවස්වල දේශනා සහ සම්මන්ත්‍රණ තියපු ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක අද කෝ??

    ReplyDelete
    Replies
    1. ඌ මැරිලා අවරුදු දෙකක් වෙනව

      Delete
  2. නිදහස් වෙළඳ ගිවිසුමෙන් වෙන්නේ බඩු නිදහසේ ලංකාවට එනවා, ලංකාවේ හාල් ඇටයක් එහෙට යවන්න බෑ බං.... මීට වඩා ලාභයි විකුණලමදාපන්

    ReplyDelete
Previous Post Next Post