අයවැය අතරතුරු මන්ත‍්‍රීලා ගුටිබැට ඇණගනිති...


 ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හටගත් දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හා ගුටිබැට හුවමාරුවක් මධ්‍යයේ, ජාතික ජන බලවේගය බලය හොබවන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන තිබේ.

සභාපති පී. සමන් ජයතුංග, උප සභාපති ජයසේන රුද්‍රිගෝ සහ සභා ලේකම් සම්පත් උඩමුල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අයවැය විවාදය සඳහා වන විශේෂ මහා සභා රැස්වීම කැඳවා තිබිණි. 

කෙසේ වෙතත්, අදාළ රැස්වීම කැඳවීමේ ලිපිය නීතිවිරෝධී බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ විරෝධතාවක නිරත වීමත් සමඟ තත්ත්වය නොසන්සුන් විය.

එම විරෝධතාව දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් දක්වා වර්ධනය වී, අනතුරුව ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ. 

මෙලෙස සභාව තුළ දැඩි කලහකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබියදීම ලේකම් සම්පත් උඩමුල්ල මහතා විසින් අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදුකරන ලදී.

මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර, පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් නවදෙනා සහ ස්වාධීන මන්ත්‍රීවරයාගේ ඡන්දය පක්ෂව හිමිවීම හේතුවෙන් අයවැය සම්මත වූ බව ප්‍රකාශයට පත් කෙරිණි.





Budget Passed Amidst Heated Exchanges in Local Council Meeting

The budget for the Millaniya Pradeshiya Sabha has been passed with a significant majority, despite intense debates and verbal exchanges between members of the ruling party and the opposition. The special meeting convened to discuss the budget was led by Chairman P. Saman Jayathunga, Vice Chairman Jayasena Rodrick and Secretary Sampath Udamulla.

However, the meeting faced disruption when opposition members protested, alleging that the notice convening the meeting was illegal. This led to a tense atmosphere within the council chamber.

The situation escalated as heated words were exchanged between the two sides, culminating in a confrontation that resulted in a brief physical altercation.

In the midst of such chaos, Secretary Sampath Udamulla proceeded to conduct a vote on the budget. During the voting process, opposition members abstained from casting their votes, while support from nine members of the ruling party, along with a vote from an independent member, facilitated the budget's approval.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post