වාහන ලීසිං සහ ණය පහසුකම් සඳහා නව තක්සේරු රෙගුලාසි මාලාවක් මහ බැංකුවෙන්...


 මෝටර් රථ වාහන සඳහා ණය සහ ලීසිං පහසුකම් ලබාදීමේදී පනවා ඇති ‘ණය සහ වටිනාකම අතර අනුපාත’ (LTV) සීමාවන් මඟහැරීමට මූල්‍ය ආයතන ගන්නා උත්සාහයන් වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබේ.

2026 අංක 03 දරන මහ බැංකු නියෝග යටතේ නොවැම්බර් 09 වන දින නිකුත් කරන ලද මෙම රෙගුලාසි නොවැම්බර් 10 වන දින සිට බලාත්මක වන බව මහ බැංකුව නිවේදනය කරයි.

මෝටර් රථ වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සපයන සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන සඳහා මෙම නියෝග අදාළ වේ.

සංශෝධිත නව නීතිරීතිවලට අනුව ලියාපදිංචි නොකළ අලුත්ම (Brand-new) වාහන: බලයලත් නියෝජිතයා විසින් නිකුත් කරනු ලබන බදු ඉන්වොයිසියේ (Tax Invoice) සඳහන් අවසන් ගෙවිය යුතු මිල පදනම් කරගනිමින් වාහනයේ වටිනාකම තීරණය කළ යුතුය.

ලියාපදිංචි නොකළ භාවිත කළ වාහන අදාළ අලෙවිකරුගේ බදු ඉන්වොයිසියේ දැක්වෙන අවසන් ගෙවිය යුතු මිල හෝ රේගු නිෂ්කාශනයේදී සලකා බලන ලද වටිනාකම මත පදනම්ව තක්සේරුව සිදුකළ යුතු වේ.





Central Bank Issues New Guidelines to Prevent Evasion of Loan-to-Value Ratios for Vehicle Financing

The Central Bank of Sri Lanka has introduced a set of new regulations aimed at curbing efforts by financial institutions to bypass established Loan-to-Value (LTV) ratios in vehicle financing. This measure follows concerns regarding the appropriate lending practices within the sector.

Issued on November 9 under the directive number 2026/03, these regulations will come into effect starting November 10, as confirmed by the Central Bank.

Applicable to all licensed commercial banks, licensed financial companies, and registered financial leasing institutions providing financing for vehicle purchases, the new rules set forth clear guidelines for assessing vehicle value.

According to the revised regulations, for brand-new vehicles that are not registered, the vehicle's value must be determined based on the final price stated in the tax invoice issued by the authorized dealer.

For used vehicles that are also not registered, the valuation should correspond to either the final price indicated on the seller's tax invoice or the value assessed during customs clearance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post