අනුරාධපුර ඓතිහාසික ශ්රී මහා බෝධීන් වහන්සේගේ හිටපු ප්රධාන කපු මහතාගේ නිවසේ ශීතකරණය පරීක්ෂා කර එහි තිබූ වනසත්ව මස් වර්ග, ඉබ්බන් සහ ඉබ්බි බිත්තර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින්, අනුරාධපුර සහකාර වනජීවී අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.
අධිකරණ නියෝගයකින් තොරව සිය නිවස පරීක්ෂා කර තමන් අත්අඩංගුවට ගැනීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් හිටපු ප්රධාන කපු මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව මෙම පියවර ගෙන ඇති අතර, එම පෙත්සම ලබන 16 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්රාදේශීය කාර්යාලය හමුවේදී විභාගයට ගැනීමට නියමිතය.
අනුරාධපුර, විහාරපාලුගම, විහාර කල්ලංචිය ලිපිනයේ පදිංචි පී. ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්රික් සහකාර වනජීවී අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.එල්.ආර්. සුරවීර, කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක, රිටිගල වන සත්ව අඩවි ආරක්ෂක, අඩවි ආරක්ෂක, වන සත්ව අඩවි සහකාර සහ වන සත්ව නියාමක නිලධාරීන්ට මෙලෙස මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
පැමිණිලිකාර ජයවර්ධන මහතා සඳහන් කරන්නේ 2025 නොවැම්බර් මස 18 වැනි දින නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු වනජීවී නිලධාරීන් පිරිසක් අධිකරණ වරෙන්තුවක් නොමැතිව සිය නිවසට පැමිණ නීතිවිරෝධී ලෙස පරික්ෂා කිරීම් සිදුකළ බවයි.
එම පරීක්ෂාවේදී නිවසේ ශීතකරණයේ බහා තිබූ ගෝන මස්, කබල්ලෑව මස්, මී මින්නා මස්, ඉබ්බ මස් සහ ඉබ්බි බිත්තර 14ක් මෙන්ම බැරලයක සහ පොකුණක රඳවා සිටි ජීවී ඉබ්බන් 6 දෙනෙකු වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ. කෙසේ වෙතත්, අදාළ වනසත්ව මස් වර්ග තමන් අලෙවිය සඳහා ළඟ තබා නොගත් බවත්, ආශාව නිසා ප්රදර්ශනයට තබාගෙන සිටි බවත් කපු මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටියි.
මීට අමතරව, නිවසේ තිබූ මුදල් සේප්පුව පරීක්ෂා කළ නිලධාරීන් එහි තිබූ රුපියල් මිලියනයක පමණ මුදලක් සහ රන් ආභරණ පෙන්වමින් ඒවා උපයාගත් ආකාරය පිළිබඳව තමාගෙන් දැඩි ලෙස ප්රශ්න කළ බව ද හෙතෙම පවසයි. මල් කඩවලින් ලද ආදායම් සහ වාහන පොත් උකස් තබා එම මුදල් ලබාගත් බව ප්රකාශ කළ ද, වනජීවී නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්රියා කළ බවට ඔහු චෝදනා කරයි.
මෙම අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඓතිහාසික සිද්ධස්ථානය සහ විහාරස්ථානය ඉදිරියේ තමන් දැඩි අපකීර්තියට පත්වූ බවත්, තමාගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ද මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස කඩවී ඇති බැවින් සාධාරණ පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකර දෙන ලෙසත් ඔහු මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.
Senior Officer Faces Human Rights Commission Over Allegations of Illegal Wildlife Seizure
Anuradhapura is at the center of a controversial incident involving the former chief custodian of the sacred Sri Maha Bodhi tree. Authorities, including the Anuradhapura Assistant Director of Wildlife Conservation, are summoned before the Sri Lanka Human Rights Commission following a raid on the custodian's home that led to the seizure of various wildlife products.
The summoned officials, seven in total, face scrutiny after the custodian claimed that his fundamental human rights were violated during the inspection, which occurred without a court order. This complaint will be reviewed on the 16th of this month at the Human Rights Commission's Anuradhapura office.
Mr. P. Jayawardena, a resident of Viharapalugama in Anuradhapura, lodged the complaint asserting that a group of wildlife officers, some in official uniforms and others in civilian attire, conducted the raid unlawfully. He detailed that on November 18, 2025, they entered his residence without a legal warrant.
During the raid, officials allegedly discovered a significant amount of illicit wildlife products, including 14 eggs of a protected species, and various types of meat stored in his refrigerator. The wildlife officers also seized six live turtles found in a barrel and a pond. However, the custodian contended that these products were not intended for sale but were displayed out of personal interest.
Moreover, he reported that the officers examined a safe in his home, uncovering approximately one million rupees in cash and gold jewelry. He recounted being rigorously questioned about the sources of his income, explaining that it derived from flower shop revenues and vehicle rental agreements. However, he accused the wildlife officials of acting inappropriately during the process.
Mr. Jayawardena expressed deep concern over the impact of this incident on his reputation and the fundamental rights of him and his family, emphasizing the need for fairness and integrity in the forthcoming investigation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
