මලේ නඩුව අහන්න විනිසුරු දන්නෙ නෑ.. අපේ නඩු අහන්න වෙනම අධිකරණයක් ඔ්නෑ..- කස්සප හිමි


තමන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පුද්ගලයකු බවටත්, මහා සංඝරත්නය සම්බන්ධ නඩු විභාග කිරීමට සාමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණයකට නෛතික අධිකරණ බලයක් නොමැති බවටත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ පවසති.

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේ උපවාසයේ නිරතව සිටින අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය පිළිබඳව හෝ මූලික අධ්‍යයනයක් තිබිය යුතු බවයි. 

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ මූලික වගකීම බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබියදීත්, අධිකරණය සහ පොලිසිය ඊට පටහැනිව කටයුතු කර ඇතැයි උන්වහන්සේ චෝදනා කළහ. 

එමෙන්ම මහා සංඝරත්නය සම්බන්ධ ආරවුල් විභාග කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය ප්‍රකාරව වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවත්, පවතින මහේස්ත්‍රාත් අධිකරණයට භික්ෂූන් සම්බන්ධ නඩු ඇසීමට නෛතික බලයක් නැති බවත් කස්සප හිමියෝ එහිදී අවධාරණය කළහ.

මීට පෙර මෙම නඩුවට අදාළව තමන් වහන්සේ ඇතුළු පිරිස මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව සිහිපත් කළ උන්වහන්සේ, අවම වශයෙන් බෞද්ධ විනය නීතිවලට අනුව දහවල් 12ට පෙර දානය ලබාගැනීමට හෝ අධිකරණයෙන් සහනයක් නොලැබුණු බව ද පැවසූහ.

ත්‍රිකුණාමලයේ සිදුවූ අදාළ සිදුවීම පිළිබඳව විස්තර කරමින් උන්වහන්සේ සඳහන් කළේ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක පෞරාණික දහම් පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට යාමේදී, රජයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව තමන්ට පහරදී බුද්ධ ප්‍රතිමාව පැහැරගෙන ගොස් අනවසර ඇතුළුවීමක් ලෙස ව්‍යාජ නඩු ගොනුකළ බවයි.

ත්‍රිකුණාමලය වෙරළ සංරක්ෂණ කලාපයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිට අනවසර ඉදිකිරීමක් සිදුකර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිදුවීමට අදාළව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින බලංගොඩ කස්සප හිමියන්, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.

මෙම වරෙන්තුව නිකුත් කෙරෙන අවස්ථාව වන විටත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා රුවන්වැලිසෑ පරිශ්‍රයේ දන්සල් භූමිය අසල මාරාන්තික උපවාසයක නිරතව සිටියේය. 

එම විරෝධතා භූමියෙන් ඉවත් වන ලෙස ද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර තිබූ පසුබිමක, විවෘතව මහේස්ත්‍රාත්වරයකුගේ අධිකරණ බලය සහ ක්‍රියාකලාපය මෙලෙස විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමේ බරපතළ නෛතික වරදක් විය හැකි බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.





Controversial Court Orders Spark Outrage Among Buddhist Leaders

In a significant turn of events, Trincomalee Magistrate M.S.M. Samsudeen has been criticized by the Buddhist clergy, including the prominent Balangoda Kassapa Thera, who argue that he lacks a fundamental understanding of the Constitution and law. They assert that the magistrate does not possess the legal authority to adjudicate cases concerning the Buddhist clergy.

Speaking from the sacred Ruwanweli Maha Seya, where he is currently engaged in a period of fasting, Kassapa Thera emphasized the necessity for magistrates to have a comprehensive understanding of the Ninth Amendment of the Constitution prior to taking up their roles.

Despite the Constitution clearly outlining the government’s primary responsibility to safeguard and promote Buddhism, the Thera claimed that both the judiciary and police have acted contrary to these provisions.

Moreover, he urged for the establishment of a special court dedicated to examining disputes related to the Buddhist clergy, referencing Article 154 of the Constitution, while reiterating that the existing magistrate's court lacks the jurisdiction to handle such cases.

Reflecting on a previous related order, he mentioned how he and others had faced a month of detention under the directives of the magistrate, with no judicial relief obtained before noon as mandated by Buddhist disciplinary laws.

Detailing the incident in Trincomalee, Kassapa Thera disclosed that government officials and police had assaulted him while he was attempting to install a Buddha statue during renovations at a registered temple's ancient Dhamma school, leading to the unlawful seizure of the statue under what he described as fictitious legal charges.

He is named as the second accused in a case concerning the unauthorized placement of a Buddha statue at the Sri Sambuddhathva Jayanthi Bodhi Arama in the coastal conservation area of Trincomalee. The magistrate issued an arrest warrant for him due to his absence in court.

At the time the warrant was issued, Kassapa Thera was fasting dangerously near the Ruwanweli Seya, demanding the cancellation of a gazette notification related to the Anuradhapura sacred site development plan.

Legal experts have pointed out that such public criticisms of a magistrate's judicial power could constitute a serious legal offense against the court, raising concerns about the implications of undermining judicial authority.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post