හිටපු අමාත්‍යවරයකු මෙන්ම ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා විසින් වසර තිහකට (30) අධික කාලයක් තිස්සේ සිය පාලනය යටතේ තබාගෙන සිටි යාපනයේ පෞද්ගලික වෙළෙඳසැල් පරිශ්‍රයක් මාස 18ක් ඇතුළත එහි මුල් හිමිකරුවන්ට යළි භාරදීමට එකඟ වී ඇති බව 'ටැමිල් ගාඩියන්' පුවත්පත වාර්තා කරයි.
අදාළ වෙළෙඳසැල්වල නීත්‍යානුකූල හිමිකරුවන් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ අවස්ථාවේදී, යාපනය දිසා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඩග්ලස් දේවානන්ද මහතා මෑතකදී මෙම ප්‍රතිඥාව ලබාදී තිබේ.
යාපනය ස්ටැන්ලි පාරේ, ශ්‍රීධර් සිනමාහල ඉදිරිපිට පිහිටි සාප්පු සංකීර්ණයක පිහිටි මෙම වාණිජ පරිශ්‍රය, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සිය කැමැත්තට එරෙහිව දේවානන්ද මහතා බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි බවට හිමිකරුවෝ චෝදනා කළහ.
2015 වසරේදී මෙම දේපොළ ආපසු ලබාදෙන බවට ඔහු පොරොන්දු වී තිබුණ ද, එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් හිමිකරුවන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය.
තමන් සතුව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ අමාත්‍ය බලතල උපයෝගී කරගනිමින් ඔහු මෙම දේපොළ දිගින් දිගටම සිය ග්‍රහණයේ තබාගෙන සිටි බව ද අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.
නඩු විභාගයේදී අදාළ දේපොළවල සැබෑ අයිතිය පැමිණිලිකරුවන්ට හිමි බව පිළිගත් හිටපු අමාත්‍යවරයා, පරිශ්‍රය හිස් කර භාරදීම සඳහා වසර තුනක (03) කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් දේපොළ හිමිකරුවන්ගේ නීතිඥවරුන් ඊට දැඩි විරෝධය පළ කිරීම නිසා, අවසානයේ ඉදිරි මාස 18ක් ඇතුළත එම ස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වී නීත්‍යානුකූල හිමිකරුවන්ට භාරදීමට දේවානන්ද මහතා එකඟතාව පළ කළේය.
Former Minister Douglas Devananda Agrees to Return Jeopardized Business Premises in Jaffna
In a significant development, Douglas Devananda, a former minister and leader of the Ilankai Tamil Arasu Kachchi (ITAK), has consented to return a set of private business premises in Jaffna that he has controlled for over three decades, as reported by the Tamil Guardian. This agreement comes after ongoing legal disputes and marks a notable shift following an 18-month standoff.
During a recent appearance before the Jaffna District Court concerning a lawsuit filed by the legal owners of the premises, Devananda disclosed his willingness to relinquish the disputed properties. The business complex, located on Stanley Road in front of the Sridhar Theatre, had been claimed by the owners for years as being forcibly seized against their will.
In 2015, Devananda had assured the rightful owners that he would return the property. However, failing to fulfill this promise led the owners to seek the court's intervention to reclaim their rights.
The court proceedings revealed that Devananda had maintained control over the properties through the influence of his parliamentary position and ministerial authority, which he allegedly used to extend his hold on the premises.
Recognizing the owner's legitimate claim to the properties during the trial, Devananda requested a three-year extension to vacate the premises. However, this request was met with strong opposition from the owners' legal representatives. As a result, he ultimately agreed to vacate and hand over the properties to their lawful owners within the next 18 months.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
