පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අධික වැසි සහිත කාලගුණයට හේතු වූ 'එල්නිනෝ' තත්ත්වය දෙසැම්බර් මාසයෙන් පසුව ක්‍රමිකව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින කාලගුණ අනාවැකිවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන ජනවාරි මාසය වන විට එහි උපරිම අගයට ළඟා වනු ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ අප්‍රේල් මාසය වන විට දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් හෙවත් නියඟ තත්ත්වයක් නිර්මාණය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද හෙතෙම සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම කාලගුණ විපර්යාසය පිළිබඳව පරිසර අංශ තවදුරටත් දැඩි විමසිල්ලෙන් යුතුව අඛණ්ඩ අධ්‍යයනයන් සිදුකරමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී උද්ගත විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් මෙරට කෘෂිකාර්මික බලධාරීන් සහ අදාළ ක්ෂේත්‍ර මේ වන විටත් දැනුවත් කර ඇත.
වියළි කාලගුණය හේතුවෙන් සිදුවිය හැකි අස්වනු හානිය අවම කරගැනීම සඳහා, අපේක්ෂිත කාලගුණ රටාවන්ට ගැළපෙන අයුරින් ඉදිරි කෘෂි බෝග වගා සැලසුම් වෙනස් කර ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල බලපෑ මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක 17 කට දැඩි බලපෑම් එල්ල වූ අතර, ප්‍රදේශ රැසක ජල සැපයුම් ජාලයන්ට සහ වගාබිම්වලට ඉන් දැඩි හානි සිදු විය.
El Niño Conditions Expected to Subside After December, Says Environment Minister
Environment Minister Dr. Dhamika Patabendige has announced that the intense rainfall experienced in numerous regions across the island due to the El Niño phenomenon is anticipated to gradually diminish following December.
He indicated that forecasts suggest this El Niño condition will peak by January. As a result, there is a significant likelihood of severe dry weather, often referred to as a drought, developing throughout the country by April of the coming year.
Despite these predictions, Dr. Patabendige underscored the ongoing scrutiny and continuous monitoring conducted by the environmental sector regarding these climatic fluctuations.
In the meantime, the Ministry of Environment has already alerted local agricultural authorities and relevant sectors about potential environmental impacts arising from the El Niño conditions.
To mitigate crop losses likely caused by dry weather, measures are being taken to adjust upcoming agricultural planting plans in line with the expected weather patterns.
Recently, 17 districts have faced severe repercussions from the ongoing climatic conditions, inflicting significant damage to water supply networks and agricultural lands across various regions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
