සෑම නිවසකම ගිනි නිවන රථයක් රඳවාගන්න අනිවාර්ය කිරීමේ නීතියක්...- කඩුවෙල නගරාධිපති


 කඩුවෙල ප්‍රදේශයේ මෑතකදී හටගත් මාරාන්තික ගිනිගැනීමේ සිදුවීම සහ ජීවිත හානි පදනම් කරගනිමින් විපක්ෂය පහත් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා චෝදනා කරයි.

එම ගිනි අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගරාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

නගර සභාවට ගිනි නිවන රථයක් මිලදී ගන්නා ලෙස මීට මාස තුනකට පෙර යෝජනාවක් ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂය නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ නගරාධිපතිවරයා, එවැනි යෝජනාවක් හදිසියේ මාස තුනකින් බලාත්මක කළ නොහැකි බවත්, ඊට පෙර සිටම නගර සභාවේ ඉදිරි සංවර්ධන සැලැස්මට එම යෝජනාව ඇතුළත් කර තිබූ බවත් පැහැදිලි කළේය.

කඩුවෙල නගර සභා බලප්‍රදේශය තුළ හදිසි ගිනිගැනීමක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා කෝට්ටේ මහා නගර සභාව සමඟ කෝටි ගණනක මුදල් ගෙවා ගිවිසුම්ගතව ඒකාබද්ධ සේවාවක් පවත්වාගෙන යන බවත්, මහරගම සහ හෝමාගම ප්‍රදේශ ආවරණය වන පරිදි එම ගිනි නිවීමේ ඒකක ක්‍රියාත්මක වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ව්‍යසනයට ප්‍රධානතම හේතුව පසුගිය පාලන සමයන්හිදී අක්‍රමිකතා සහ අල්ලස් මත පදනම්ව ප්‍රමිතියෙන් තොරව ගොඩනැගිලි සහ නිවාස සැලසුම් අනුමත කිරීම බව නගරාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

හදිසි ගිනි අනතුරකදී අවම වශයෙන් ගිනි නිවන රථයකට හෝ ගිලන් රථයකට ඇතුළු විය නොහැකි අතුරු මාර්ග සහිත, හදිසි සන්නිවේදන පද්ධති නොමැති නිවාස සැලසුම් අනුමත කළ පුද්ගලයන් අද වන විට සිය වැරදි වසා ගැනීමට උත්සාහ දරන බව ඔහු පැවසීය.

නිවාස සැලසුම් අනුමත කිරීමේදී වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරනවා සේ සෑම නිවසකම ගිනි නිවන රථයක් රඳවා ගැනීම අනිවාර්ය කිරීමේ නීතියක් පැනවීමට සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

කඩුවෙල මහ නගර සභාව කේන්ද්‍ර කරගනිමින් ස්වාධීන ආපදා කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කරමින් පවතින බවද නගරාධිපති රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.





Kadawatha Mayor Criticizes Opposition for Exploiting Recent Fire Incident

Ranjan Jayalal, the Mayor of Kadawatha, has accused the opposition of attempting to gain political leverage from a recent devastating fire incident that resulted in loss of life and property. Speaking to the media, he expressed concern over the opposition's actions in the aftermath of this tragedy.

Despite proposing the procurement of a fire truck for the municipality three months prior, the Mayor refuted claims that the opposition was making regarding the delay in its implementation. He clarified that introducing such measures cannot be rushed within a short timeframe and that the proposal was already integrated into the municipality's broader development plan.

In collaboration with the Kotte Municipal Council, the Kadawatha Municipal Council has established a unified emergency service to respond to any urgent fire outbreaks in the area, with funds exchanged for this service. The fire brigade operates in areas including Maharagama and Homagama, ensuring readiness for incidents.

Jayalal attributed the severity of such disasters to the lack of standards in building designs approved during previous administrations, which were marked by inefficiencies and corruption. He noted that many individuals who once approved inadequate housing plans are now trying to rectify their past mistakes, particularly given the absence of adequate access for fire trucks and emergency communication systems.

The Mayor indicated that legislation may soon be introduced mandating that every housing plan include the installation of smoke detectors, similar to existing requirements for air conditioning units. He added that discussions are underway to establish an independent disaster management unit centered in Kadawatha to address future emergencies effectively.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඔයා කියන ගිනි නිවන රථය කොච්චර ලොකු එකක් වෙන්න ඕන කියලත් ඔය ගමන්ම කියන්න.ඊට වඩා හොඳ නැද්ද ඔයාලගේ මාලිමා තක්කඩි සෙට් එකේ ගිණුම් තර කරගන්න මිනිස්සුන්ට ගහන ගිනි බදු අය කරගන්න එක නවත්තන්න යෝජනා කරන්න.ඒක දෙලොවටම හොඳ වෙයි.

    ReplyDelete
  2. ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලූ මේ පාහර, ත්‍රස්තවාදී ජෙප්පා මෙලහට ඉන්න ඕන හිරේ 😡 මූ තවත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ කරනවා 😡😡😡 කෝ තොපි පාරම්බාන “සැමට සමාන නීතිය”??? රංගයෝ, තෝ නිදිද??? තොපි ඔය හොරා සෙල්ලම් දාන්නේ තව ඉතාමත් කෙටි කාලයයි. කර්ම විපාක වලින් ගැලවෙන්න තොපේ මහා එකාගේ ඉඳලා ජෙප්පන් හැත්ත බුරුත්තටත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන එවුන්ටත් ඉඩ ලැබෙන්නේ නැහැ. 😡 අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වීතොපි හැම එකාම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡

    ReplyDelete
Previous Post Next Post