ජීවන වියදම් දීමනාවක් සහ තවත් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ගුරු සංගම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
රජයේ සේවකයින් අතරින් දැනටමත් වැඩිම වැටුප් ලබන කාණ්ඩ 10 අතරට ගුරුවරුන් අයත් වන බව පෙන්වා දෙමින් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
අද (23) දිවයින පුරා ගුරු විරෝධතා සහ වර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කර ඇත්තේ, රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් වෙනුවෙන් රජය රුපියල් බිලියන 110 ක මුදලක් වෙන් කර ඇති බවත්, පසුගිය වසර කිහිපය තුළ ගුරුවරුන්ගේ වැටුප් සියයට 60 ත් 80 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවත්ය.
මේ මොහොතේ තවදුරටත් වැටුප් හෝ නව දීමනා ඉල්ලා සිටීම අසාධාරණ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
"ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර පවතින වැටුප් විෂමතාව පිළිබඳව අප පිළිගන්නවා. එය වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව හරහා විසඳීමට නියමිතයි. රජය වැටුප් වැඩිවීම් වෙනුවෙන්ම පමණක් රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙනවා. ගුරුවරුන් දැනටමත් රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් ලබන වෘත්තීය කාණ්ඩ 10 අතරට ඇතුළත්. එවැනි තත්ත්වයක් තුළ ඔවුන් තවදුරටත් වැටුප් වැඩිකිරීම් ඉල්ලා සිටීම කිසිසේත්ම සාධාරණ නැහැ. අනෙක් අතට ඔවුන් ඉල්ලා සිටින අතිරේක ජීවන වියදම් දීමනාව මීට පෙර කිසිදු දිනක පැවති එකක් නොවෙයි."
කෙසේවෙතත්, රුපියල් 25,000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන ලෙසත්, පොරොන්දු වූ වැටුප් වැඩිවීමෙන් මෙතෙක් නොගෙවා ඉතිරිව ඇති තුනෙන් දෙකක (2/3) කොටස වහා ලබාදෙන ලෙසත් බලකරමින් ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය අද දිවයින පුරා පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්කර ගනිමින් 'කළු දින' විරෝධතාවක් ප්‍රකාශයට පත් කර ඇත.
පවතින උද්ධමනය සහ අධික ජීවන වියදම හමුවේ ගුරු-විදුහල්පතිවරුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බැවින් තම ජීවන මට්ටම රැකගැනීම සඳහා මෙම වැටුප් සංශෝධනය කඩිනමින් සිදුකළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.
Education Ministry Rejects Teachers' Demands for Salary Increases Amid Nationwide Protests
The Sri Lankan Ministry of Education has dismissed a series of demands put forth by teachers' unions, which included requests for a cost of living allowance and further salary increases.
Highlighting the fact that teachers are already among the top ten highest-paid government employees, the Ministry made this decision in the wake of significant protests and strike actions from educators across the country on March 23.
Dr. Madura Senavirathna, the Deputy Minister of Education, disclosed that the government has allocated Rs. 110 billion towards salary increments for state employees, emphasizing that teachers’ salaries have increased by 60 to 80 percent over the last few years.
He also remarked that any further demands for salary increases or new allowances at this time could be considered unfair.
"We acknowledge the disparity in salaries between teachers and principals. This issue is meant to be resolved through the Salaries and Pension Commission. The government has set aside Rs. 110 billion exclusively for salary increases. Teachers are already included among the top ten paid professions in the public service. Given this situation, it is absolutely unjust for them to continue requesting salary hikes. Moreover, the additional cost of living allowance they are seeking is unprecedented," he stated.
Meanwhile, the Lanka Independent Teachers’ Service Union has organized a 'Black Day' protest today, rallying teachers and principals from schools across the nation to demand a Rs. 25,000 cost of living allowance and immediate disbursement of two-thirds of the promised salary increases that have yet to be paid.
Amid rising inflation and elevated living costs, teachers and principals are facing serious economic hardships, prompting the union to stress the urgent need for salary adjustments to maintain their living standards.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
