බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමට සැරසේ..


 තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර 1,100ක භූමි ප්‍රමාණයක් නිදහස් කර අනවසර වගාකරුවන් වෙත බෙදාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර, එමඟින් මෙරට නීත්‍යනුකූල රක්ෂිත වනාන්තර පද්ධතියේ ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්වන බව පරිසරවේදීහු පෙන්වා දෙති. 

මෙම පියවර ඔස්සේ නීතියේ ආධිපත්‍යය පසෙකලා දේශපාලන අවශ්‍යතා ඉදිරියට ගෙනවිත් ඇත්දැයි ප්‍රකට පරිසර ක්‍රියාකාරිකයෙකු වන ජනක විතානගේ මහතා ප්‍රශ්න කරයි.

දේශපාලන බලපෑම් හමුවේ වන සංරක්ෂණ ජනරාල්වරයාට නීතිය නොසලකා හරිමින් රක්ෂිත වනාන්තරයක් තම පෞද්ගලික බිම් කඩක් මෙන් බෙදා හැරීමට බලයක් නොමැති බව අවධාරණය කරන විතානගේ මහතා, අදාළ භූමිය 451 වන අධිකාරිය වන වන සංරක්ෂණ ආඥාපනතේ විධිවිධාන යටතේ නීත්‍යනුකූලව ප්‍රකාශිත රක්ෂිතයක් බව පෙන්වා දෙයි. 

එබැවින් හුදු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් එහි නීතිමය තත්ත්වය වෙනස් කිරීමට කිසිදු ඉඩක් නොමැති බව හෙතෙම සඳහන් කරයි.

නීතිමය ලියකියවිලිවලට අනුව, 2010 ඔක්තෝබර් 01 දිනැති අංක 1673/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හෙක්ටයාර 47,136.3142 ක රජයේ ඉඩම් ප්‍රමාණයක් 'තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරය' ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක විතානගේ මහතා,

"තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් නිදහස් කර අනවසර වගාකරුවන්ට පැවරීම මුළුමනින්ම නීතිවිරෝධී ක්‍රියාවක්. රක්ෂිත වනාන්තරයක් කිසිවෙකුගේ පුද්ගලික බූදලයක් සේ සලකා දේශපාලන අවශ්‍යතා අනුව බෙදා දිය නොහැකියි. නීතියේ ආධිපත්‍යය සුරකින බව පවසන ආණ්ඩුවක්, නීතියෙන් ආරක්ෂා කර ඇති රක්ෂිත වනාන්තර මෙලෙස විනාශ කිරීමට පහසුකම් සැලසීම තම ප්‍රකාශයන්ට පටහැනිව ක්‍රියාකිරීමක්. දේශපාලන අවශ්‍යතා මත රක්ෂිත විනාශ කිරීම අපි තරයේ හෙළා දකිනවා."

වන පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමෙන් අනවසර ඉඩම් අත්පත් කරගැනීම් තවදුරටත් දිරිගැන්වෙන බවත්, එමඟින් පාරිසරික වශයෙන් අතිශය සංවේදී වනාන්තර විනාශ වීමේ භයානක පූර්වාදර්ශයක් නිර්මාණය වන බවත් ඔහු අනතුරු අඟවයි. එමෙන්ම දේශපාලන ඉල්ලීම් ඉටුකිරීම වෙනුවට නීතියට අනුව වනාන්තර ආරක්ෂා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික වගකීම බව ඔහු මතක් කර දෙයි.





Government Plans to Divest 1,100 Acres of Protected Forest Raises Environmental Concerns

In a move that threatens the integrity of Sri Lanka's protected forest system, reports suggest the government is preparing to allocate 1,100 acres of the Thimbirigollewa – Bakmeetiya protected forest to unauthorized farmers. Environmentalists are sounding the alarm, warning that this decision poses a significant risk to the preservation of these vital ecosystems.

Janaka Vithanage, a prominent environmental activist, questions whether the government is prioritizing political necessities over the rule of law. He emphasizes that the General Conservator of Forests lacks the authority to distribute a protected forest like personal assets, underscoring that the land in question is legally designated as a protected area under the provisions of the Forest Conservation Ordinance.

Vithanage asserts that there must be no allowance for altering the legal status of these lands purely for political ambitions. He points out that a government claiming to uphold the rule of law should not facilitate the destruction of legally protected forests.

According to official documentation, an extraordinary gazette notification dated October 1, 2010, under number 1673/45, declared 47,136.3142 hectares as the 'Thimbirigollewa – Bakmeetiya Protected Forest'.

Further expanding on the implications of this decision, Vithanage stated, “Freeing 1,100 acres from the Thimbirigollewa – Bakmeetiya reserve for unauthorized farmers represents a clear violation of the law. A protected forest cannot be treated as a private estate and divided according to political needs. The government’s facilitation of such ecological destruction contradicts its professed commitment to the rule of law. We are witnessing the chronic degradation of protected lands driven by political agendas.”

He warns that political meddling in forest governance is only encouraging illegal land grabs, thereby creating a dire forecast for the destruction of ecologically sensitive forests. Vithanage emphasizes that the primary responsibility of the Department of Conservation should be to protect these forests in accordance with the law rather than yielding to political demands.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post