අනාවැකි කියන්නත් බැරි තරමට කාලගුණය සැර වෙයි.. පරිස්සම් වෙන්නැයි ජනතාවට දන්වයි...


 පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල්තියා පුරෝකථනය කිරීමට අපහසු අන්දමින් ඇතිවන ස්ථානීය අධික වර්ෂාපතනය හේතුවෙන් කඳුකර බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව නිරන්තර දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පෙන්වා දුන්නේ, නිල කාලගුණ අනාවැකිවලට හෝ දැනට සවිකර ඇති වර්ෂාමානවලට පවා කල්තියා හසු නොවන අන්දමේ ක්ෂණික ස්ථානීය තද වැසි හටගැනීමේ දැඩි ප්‍රවණතාවක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රීය වර්ෂාමාන සහ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ස්වයංක්‍රීය හා අත්පොත් වර්ෂාමාන පද්ධතීන් ඔස්සේ පැය 24 පුරා දත්ත නිරීක්ෂණය කරන බව පැවසූ සේනාධීර මහතා, එසේ වුවද පවතින සංකීර්ණ වායුගෝලීය විපර්යාස හමුවේ නිරවද්‍ය පූර්ව අනාවැකි පළකිරීම අතිශය අසීරු වී ඇති බව සඳහන් කළේය.

"වර්ෂාමාන පිහිටි ස්ථාන දෙකක් අතර පරතරය සාමාන්‍යයෙන් කිලෝමීටර් 06 සිට 10 දක්වා විය හැකියි. නමුත් පහළ වායුගෝලීය ස්ථරවල හටගන්නා දේශීය වලාකුළු මඟින් එම මධ්‍යස්ථාන අතරමැද පිහිටි කුඩා කලාපයකට ක්ෂණිකව ප්‍රබල වර්ෂාපතනයක් ඇදහැලීමේ හැකියාව පවතිනවා. එවැනි හදිසි තත්ත්වයන් උපකරණ මඟින් ග්‍රහණය කර ගැනීම අතිශය දුෂ්කරයි," යනුවෙන් ඒ මහතා විස්තර කළේය.

පසුගියදා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ විශාල ගල් පෙරළීම මේ සඳහා ප්‍රබල උදාහරණයක් බව පෙන්වා දුන් භූ විද්‍යාඥවරයා, ආසන්නයේ පිහිටි කුරුකුත්තල පාසලේ වර්ෂාමානයේ සැලකිය යුතු වර්ෂාපතනයක් සටහන්ව නොතිබුණ ද, අනතුර සිදුවූ නිශ්චිත කඳු බෑවුම් කලාපයට ඇදහැළුණු ක්ෂණික ස්ථානීය වර්ෂාව මෙම ආපදාවට හේතු වී ඇති බව අනාවරණය කළේය.

මේ හේතුවෙන් රජයේ ආයතනයකින් නිල නායයෑම් නිවේදනයක් නිකුත් වන තුරු හෝ වර්ෂාපතන මට්ටම් ප්‍රකාශයට පත් කරන තුරු බලා නොසිට, තමන් ජීවත්වන බෑවුම් පරිසරය පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ආපදා අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු ව්‍යාජ තොරතුරුවලට නොරැවටී වගකිවයුතු රාජ්‍ය නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Experts Warn of Possible Landslides Due to Heavy Rainfall in Sri Lanka

As adverse weather conditions persist, locals living in hilly areas must remain vigilant, warned the National Building Research Organisation (NBRO). The organisation highlighted the risk of heightened rainfall leading to localised heavy downpours, particularly critical for communities residing in mountainous regions.

During a media briefing, Senior Geologist Vasantha Senadheera pointed out that the current weather patterns exhibit a tendency for sudden, intense rainfall that is not captured by either official forecasts or existing rain gauges. This unprecedented variability makes it crucial for residents to stay alert.

Senadheera explained that the Department of Meteorology, along with the Department of Irrigation and the NBRO, continuously monitors rainfall via automated systems. However, he stressed that the complexity of the prevailing atmospheric conditions hampers accurate forecasting.

"Typically, the distance between two rain gauges can range from six to ten kilometres. However, localized cloud formations can lead to abrupt and severe rainfalls in small areas situated between these points. Detecting such emergencies with existing instruments is exceptionally challenging," he elaborated.

An example of this risk was highlighted by Senadheera, who referenced a significant rockfall that occurred recently in the Kadugannawa area along the Colombo-Nuwara Eliya main road. Although there was no significant rainfall recorded at the nearby Kurukuttala school's rain gauge, the geologist revealed that spontaneous localized rainfall was likely the catalyst for the disaster in the affected hilly region.

In light of these circumstances, Senadheera urged the public to remain cautious and attentive to their surroundings, rather than waiting for official advisories from government bodies regarding potential landslide risks. He also cautioned against falling prey to misleading information circulating on social media during emergencies, encouraging reliance solely on credible government announcements.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post