කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මංමාවත් රැසක් ජලයෙන් යටවීම නිසා දැඩි රථවාහන තදබදයක් හටගෙන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
අද දහවල් කාලයේ පටන් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මාලිගාවත්ත, සංඝරාජ මාවත සහ ඛෙත්තාරාම පරිශ්‍රය අවට මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් එම කලාපයේ රථවාහන ධාවනය මන්දගාමී තත්ත්වයකට පත්ව ඇත.
මීට අමතරව ආමර් වීදියේ 'ආමර් බාබර්' හන්දිය, කොම්පඤ්ඤවීදිය නවම් මාවත මෙන්ම බොරැල්ල නගර මධ්‍යය ආශ්රිත මාර්ග කිහිපයකම වැසි ජලය බැස නොගොස් මාර්ගය පුරා රැඳී පැවතීම හේතුවෙන් ගමනාගමන කටයුතු අවහිර වී ඇත.
ඒ හේතුවෙන් කාර්යාල නිමවී නිවෙස් බලා ගමන් ගන්නා මගී ජනතාව සහ රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මාර්ග අවහිරතා මඟහරවා ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් රථවාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Severe Traffic Congestion Hits Colombo due to Heavy Rainfall
Heavy rainfall in Colombo and surrounding areas has triggered significant flooding, causing major thoroughfares to be submerged and resulting in substantial traffic congestion throughout the city.
This situation worsened during lunchtime, as continuous downpours led to the inundation of roads around Maligawatta, Sangaraja Mawatha, and the Khettaram area, bringing vehicular movement in these regions to a crawl.
Further complications arose on Amara Road at the 'Amara Barber' junction, and along pathways near Kompannaweediya and Borella, where stagnant rainwater has obstructed traffic flow, leaving many routes impassable.
Consequently, commuters returning home from work have faced considerable challenges, as have drivers navigating the congested streets.
In response to the road blockages, the police traffic division has urged drivers to seek alternative routes to circumvent the disruptions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ අධික වැස්ස රාජපක්ෂලගේ වැඩක්..... රාජපක්ෂල ගේම් ගහනවා
ReplyDelete