සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට යළි විනයානුකූලව සිවුරු පෙරවීම සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය මෙතෙක් දින වෙන්කර නොදීමට විරෝධය පළකරමින් භික්ෂූන් වහන්සේ පිරිසක් අද (16) කොළඹ පිහිටි බන්ධනාගාර මූලස්ථානය වෙත වැඩම කළහ.
පූජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ප්රමුඛ මහා සංඝරත්නය බන්ධනාගාර මූලස්ථානය වෙත පැමිණ අදාළ ගැටලුව සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගත්හ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර ඇත්තේ බන්ධනාගාර නීතියට පවා පටහැනිව බවයි.
බෞද්ධ භික්ෂුවකගේ සිවුර බලහත්කාරයෙන් ගැලවීමෙන් පසු එය හුදෙක් හිතුමතේට සාමාන්‍ය ඇඳුමක් මෙන් යළි ඇඳීමට නුපුළුවන් බවත්, ඒ සඳහා ශාසනික සහ විනයානුකූල සම්ප්රදායක් පවතින බවත් උන්වහන්සේ පැහැදිලි කළහ.
විනයවිරෝධී ලෙස සිවුර ගලවා ඇති බැවින්, හුදෙක් සිරමැදිරිය තුළදී සාමාන්‍ය පරිදි යළි සිවුර හැඳීම ඥානසාර හිමියන් විසින්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ ශාසනයට අහිතකර පූර්වාදර්ශයක් සැපයීමට ඇති අකමැත්ත නිසා බව දයාරතන හිමියෝ පෙන්වා දුන්හ.
මේ පිළිබඳව අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව, 2026 ඔක්තෝබර් 19 වන දින බන්ධනාගාරය තුළ කාර්යාල පරිශ්‍රයකදී ඥානසාර හිමියන් විනයානුකූලව යළි පැවිදි කර සිවුරු පෙරවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කළ ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊට මෙතෙක් නිසි පිළිතුරක් ලබාදී නොමැති බවයි.
අද දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මුණගැසීමට උත්සාහ කළ ද ඔහු නොසිටි බැවින්, මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බවත්, එම ලිපිය අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව එහිදී බලධාරීන් පැවසූ බවත් සංඝරත්නය අනාවරණය කළහ.
සිවුර ගලවන අවස්ථාවේදී අමාත්‍යාංශවලින් නොවිමසා, දැන් සිවුර පෙරවීමට අමාත්‍යාංශ විමසීම විහිළුවක් බව පෙන්වා දුන් භික්ෂූන් වහන්සේ, මේ පිළිබඳව කඩිනමින් තීරණයක් ගැනීම සඳහා බන්ධනාගාර පාලනාධිකාරියට සතියක කාලසීමාවක් ලබාදෙන බවත්, එසේ නොවුවහොත් දැඩි ශාසනික ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් අවධාරණය කළහ.
Monks Protest for Revocation of Disciplinary Measures Against Ven. Gnanasara Thera
A group of Buddhist monks staged a demonstration today (October 16) outside the Colombo headquarters of the Department of Prisons, protesting against the denial of specific dates for the reinstatement of traditional robes for Ven. Galagoda Aththe Gnanasara Thera, who is currently serving time in jail. The protest highlighted the ongoing concerns over the treatment of the monk during his incarceration.
Prominent monks including Ven. Akmeemana Dhayarathana Thera and Ven. Itthakande Saddhathissa Thera attended the protest, engaging in discussions with prison authorities regarding the issue at hand.
Speaking to the media, Ven. Akmeemana Dhayarathana Thera emphasized that the removal of Ven. Gnanasara's robe during his incarceration was contrary to prison regulations. He noted that the forcible removal of a Buddhist monk's robe is an act that cannot simply be rectified by donning a regular outfit, as there exists a specific and disciplinary tradition regarding such practices.
He clarified that due to the violation of disciplinary protocols regarding the robe, Ven. Gnanasara had rejected the notion of simply reattaching the robe inside the prison, expressing concerns about setting a detrimental precedent for the Buddhist order.
Ven. Itthakande Saddhathissa Thera added that a written request had been submitted to the General Prison Commissioner on behalf of the monks, seeking an opportunity for Ven. Gnanasara to undergo a formal re-robbing ceremony within the prison premises on October 19, 2026. However, he noted that there has been no response from the prison commissioner thus far.
Efforts made today to meet with the General Prison Commissioner were unsuccessful, and the monks instead discussed their concerns with the Deputy Commissioner and a media spokesperson. They revealed that their request had been forwarded to both the Ministry of Justice and the Ministry of Buddhism.
In light of the situation where no action seems to have been taken despite requests to reinstate the robe, the protesting monks signaled their intention to issue a one-week ultimatum to the Department of Prisons for a swift resolution, warning that failure to respond appropriately would lead to serious disciplinary measures within the monastic community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
