ගණිතමය සහ ආර්ථික යථාර්ථය නොසලකා වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් පහත හෙළීමට උත්සාහ කළහොත්, ගොවියාට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබී යාම හේතුවෙන් අවසානයේ ගොවිතැන් කටයුතු අත්හැර වෙනත් රැකියා සොයා ගැනීමට ගොවි ප්‍රජාවට සිදුවනු ඇතැයි ප්‍රකට මහා පරිමාණ සහල් ව්‍යාපාරික, අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
කොළඹදී පැවති විශේෂ ආර්ථික හා ව්‍යාපාරික සංවාද මණ්ඩපයකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් වී අස්වැන්න පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ, මෙරට මේ වන විටත් වී සහ සහල් නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත මට්ටමක පවතින බවයි.
පසුගිය මාස් කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 3කට වැඩි අස්වැන්නක් සහ යල් කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 2කට අධික (ලක්ෂ 20කට වැඩි) අස්වැන්නක් වශයෙන් පසුගිය කන්න දෙක තුළ පමණක් මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 50 ඉක්මවා ගොස් ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මණ්ඩපයේ සිටි බැංකු ප්‍රධානීන්, වරලත් ගණකාධිකාරීවරුන් ඇතුළු ආර්ථික විශ්ලේෂකයන්ගේ ස්ථාවරයන් විවේචනයට ලක්කළ ඒ මහතා, නිෂ්පාදන පිරිවැය පිළිබඳ අවබෝධයක් නොමැතිව සහල් මිල තවදුරටත් අඩු කරන ලෙස දේශපාලනඥයන් සහ ඇතැම් ක්ෂේත්‍ර ප්‍රධානීන් සිදුකරන ප්‍රකාශ බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන්නේය.
"සහල් මිල තවත් අඩු කරන්න හදනවා නම් ගොවියන්ට සිදුවන්නේ වෙනත් රැකියාවක් හොයාගන්නයි. සහල් මිල අඩු කරන විට වී මිලත් අඩුවෙනවා. එතකොට ගොවියාට ගොවිතැන් කරලා ජීවත්වෙන්න බැහැ. ගණිතය සහ නිෂ්පාදන වියදම තේරුම් නොගැනීම තමයි මෙරට තියෙන ලොකුම ප්රශ්නය," යැයි හෙතෙම සඳහන් කළේය.
පාලන මිල හෝ පොදු සහනාධාර හරහා වෙළෙඳපොළ පාලනය කිරීමට යාම අසාර්ථක ක්‍රමවේදයක් බව පෙන්වා දුන් ව්‍යාපාරිකයා, රජය කළ යුත්තේ ගොවියාගේ වී අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කර එය සුරක්ෂිත කිරීම බව සඳහන් කළේය. එසේම, සහල් මිලදී ගැනීමට ආර්ථික අපහසුතා ඇති සැබෑ දිළිඳු පාරිභෝගික පවුල් වෙනුවෙන් රජය සෘජු මූල්‍ය හෝ ආහාර සහනාධාරයක් ලබාදීමේ විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම යෝජනා කළේය.
Concerns Rise Over Rice Prices Amid Declining Market Values, Warns Industry Leader
In a stark warning to the agricultural community, Dudley Sirisena, Chairman of the Araliya Group of Companies, cautioned that continued efforts to drive down rice prices could force farmers to abandon their livelihoods in search of better-paying jobs. Speaking at a special economic and business discussion forum in Colombo, he emphasized the potential fallout if market interventions persist without regard for the realities of production costs.
Presenting the latest statistics on rice yields in Sri Lanka, Sirisena noted that the country remains entirely self-sufficient in rice and paddy production. He highlighted that, in the previous harvesting season alone, the nation recorded over 3 million metric tons of rice, alongside an impressive yield exceeding 2 million metric tons from other paddy varieties, bringing the total rice harvest to over 5 million metric tons.
During the forum, which also saw the participation of banking leaders and economic analysts, Sirisena criticized certain political figures and sector heads for lacking an understanding of production costs while advocating for further price reductions. He pointed out that diminishing rice prices invariably lead to lower prices for paddy, compromising farmers' ability to sustain their livelihoods.
"If rice prices continue to be pushed lower, farmers will have no choice but to seek alternative employment. The decrease in prices doesn’t just affect rice; it impacts paddy as well. This disregard for economic realities is one of the biggest challenges we face," Sirisena asserted.
He dismissed the effectiveness of controlling market prices through price ceilings or public subsidies, arguing that the government should instead establish a fair guaranteed price for farmers' rice harvests to ensure their security. Furthermore, he urged the government to implement a targeted program to provide direct financial aid or food assistance to economically distressed families struggling with rising living costs.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
