කාවන්තිස්ස මිය ගියේ පාචනයෙන්.. වෙඩි වැදීමෙන් කියන්න සාක්‍ෂි නෑ..- පරිසර ඇමති


 මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කාවන්තිස්ස ඇතගේ අභාවයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දිගු කලක් තිස්සේ පාදයක පැවති පාවන තත්ත්වයක් උත්සන්න වීමෙන් හටගත් සංකූලතාවන් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මේ බව සඳහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  සත්ත්වයාගේ සිරුරේ වෙඩි වැදුණු සලකුණු කිහිපයක් නිරීක්ෂණය වුවද, එම වෙඩි ප්‍රහාර මරණයට සෘජුවම බලපා ඇති බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි. 

මීට අමතරව, සිරුරේ දක්නට ලැබුණු තවත් තුවාල කිහිපයක් අනෙකුත් වනඅලින් සමග සිදුවූ ගැටුම් (ඇනකොටා ගැනීම්) හේතුවෙන් හටගත් ඒවා බවට සැක කෙරේ.

මෙරට වනජීවී වාර්තාවලට අනුව දිවයින පුරා දැනට වාසය කරන්නේ දළ ඇතුන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පමණි. ඉන් දැඩි ජීවිත අවදානමට ලක්ව සිටින සතුන් ලෙස නිල වශයෙන් හඳුනාගෙන ඇත්තේ ඇතුන් 17 දෙනෙකු පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නද, පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ දළ ඇතුන් තිහක (30) පමණ ප්‍රමාණයක් මේ වන විටත් දැඩි තර්ජනයට ලක්ව සිටින බවයි.





Environmental Minister Reveals Cause of Death for Beloved Elephant in Kavantissa

The recent passing of the Kavantissa elephant has stirred significant public emotion, primarily due to complications arising from a long-standing foot condition, according to Environmental Minister Dr. Dhamika Pattabhiraman. This revelation sheds light on the factors leading to the beloved animal's demise.

Referencing findings from a post-mortem examination, Dr. Pattabhiraman noted that while evidence of gunshot wounds was found on the elephant's body, there is no scientific confirmation that these injuries directly contributed to its death.

Furthermore, he raised concerns about additional injuries observed, which are suspected to have stemmed from altercations with other elephants, potentially related to territorial disputes.

According to wildlife reports, there are currently approximately 300 elephants residing across the island. While the minister officially recognized 17 individuals as being at high risk, environmental organizations argue that around 30 elephants are actually facing severe threats.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post