රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මඟින් මෙරට වාහන මිල ගණන්වල කිසිදු වැඩිවීමක් හෝ අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, රජය විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් වාහන ක්ෂේත්රයේ මිල උච්චාවචනයක් සිදු නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ, පවතින බදු සහ ආනයන ව්‍යුහය ක්ෂණික වෙනස්කම්වලට භාජනය නොකර දීර්ඝකාලීන දැක්මක් සහිතව පවත්වාගෙන යාමට රජය ගෙන ඇති තීරණය කර්මාන්තයක් ලෙස වාහන ක්ෂේත්රයේ පැවැත්මට හිතකර තත්ත්වයක් බවයි.
"සාමාන්‍යයෙන් සෑම වසරකම අයවැය ලේඛනයකින් පසුව වාහන මිල ඉහළ යාමක් අප දැක තිබෙනවා. නිතර නිතර මිල ගණන් සහ බදු ප්‍රතිපත්ති ඉහළ පහළ යාම නිසා කර්මාන්තයක් විදියට වාහන ආනයන ක්ෂේත්රය පවත්වාගෙන යාම ඉතා අපහසු වුණා. නමුත් මෙවර අයවැය තුළින් මිල වැඩිවීමක් සිදු නොවීමත්, තියෙන තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට ඉඩ සැලසීමත් ක්ෂේත්රයක් ලෙස අප දකින්නේ ඉතා යහපත් ප්‍රවණතාවක් විදියටයි" යනුවෙන් සභාපතිවරයා සඳහන් කළේය.
No Expectation of Vehicle Price Changes Amid Government Budget Proposals, Say Local Importers
The Sri Lanka Motor Vehicle Importers Association has stated that no increase or decrease in vehicle prices is anticipated following the government’s proposed budget. This announcement comes in light of the government’s commitment to maintain a stable economic policy.
During a special press briefing, the association's chairman, Prasad Managé, emphasized that the existing price regulations in the automotive sector are unlikely to undergo significant changes due to the government's consistent policies. He pointed out that this approach benefits the industry and ensures its sustainability.
Managé further elaborated that the decision to retain the current tax and import structures reflects a long-term vision rather than a reaction to immediate fluctuations. He believes this stability creates a conducive environment for the automotive sector's continued existence.
“Historically, we have witnessed price hikes in the automotive market following the annual budget announcements. Frequent changes in prices and tax policies have made it incredibly challenging for the vehicle import sector to thrive. However, the absence of price increases in this budget, as well as the opportunity to maintain the current conditions, is a very positive trend for our industry,” he stated.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
