විපක්ෂය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් තමන්ට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ නඩු පැවරීම් වළක්වා ගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව සමඟ රහස් එකඟතාවන් හෙවත් 'ඩීල්' ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, වර්තමාන පාර්ලිමේන්තු විපක්ෂය තුළ පැහැදිලි කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි බවයි.
ඉන් එක් පාර්ශ්වයක් ආණ්ඩුව සමඟ විවිධ මට්ටමේ එකඟතාවලට එළඹෙමින්, තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවට හෙතෙම සෘජුව චෝදනා කළේය.
එවැනි රහස් ගනුදෙනු පසෙක තබා ජනතාව වෙනුවෙන් සෘජුව හා නිර්භීතව පෙනී සිටින සැබෑ විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනයට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ආණ්ඩුව සමඟ ඩීල් නොදමා අභීතව විපක්ෂයේ දේශපාලනයක නිරත වන එවැනි පුද්ගලයන් නීතියේ දැඩි ක්‍රියාමාර්ගවලට ලක්ව බන්ධනාගාරගත වීමට සිදුව ඇති බව ද රණවක මහතා සඳහන් කළේය.
රටේ දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නියෝජිතයන් හා ක්‍රියාකාරීන් මෙලෙස මර්දනයට ලක්වන අතරවාරයේ, ඇතැම් දේශපාලනඥයන් පෞද්ගලික පැවැත්ම හා නඩු බේරාගැනීම වෙනුවෙන් ආණ්ඩුව සමඟ එකඟතාවන් ඇති කර ගැනීම විපක්ෂයේ කාර්යභාරය බරපතළ ලෙස පළුදු කරන්නක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
Opposition Leader Accuses Political Groups of Secret Deals with Government
Patali Champika Ranawaka, the leader of the United National Front, has leveled serious accusations against certain political factions representing the opposition, claiming they are engaging in secret agreements or "deals" with the current government to shield themselves from legal actions and lawsuits. He made these remarks at a recent press conference.
Ranawaka emphasized that several distinct groups are actively operating within the current parliamentary opposition. He pointed out that one faction is prioritizing negotiations with the government at various levels, primarily to prevent the enforcement of laws against them.
Highlighting a concerning trend, the former minister noted that genuine opposition activists, who are steadfast in standing up for the people, are increasingly becoming targets of repression. He disclosed that individuals who resist cutting deals with the government and remain committed to opposition politics often face severe legal repercussions, including imprisonment.
In light of the country’s ongoing political and economic crisis, he stressed that while professional union representatives and activists are being suppressed for advocating on behalf of the public, some politicians are opting to form agreements with the government to safeguard their personal interests and evade legal troubles. This, he argued, significantly undermines the integrity and effectiveness of the opposition's role in governance.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පලවෙනි එකා තමයි සජිත් ප්‍රේමදාස
ReplyDelete